සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 06 කොළඹ (LNW):
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ (05) රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් Vinay Mohan මහතා හමුවිය. එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විනි.
අද(06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරතවීමට නියමිතය.