චීනයට උදා වූ වසන්තේ!

Date:

සටහන – සශිකලා මධුෂාණි

පෙබරවාරි , 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තවත් දින කිහිපයක්, සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය උදාවේ.

මේ කාලයේ දී අධික ජනගහනයක් සිටින චීනයේ “වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණය” සිදු වේ.

මෙලෙස ජනතාවගේ සංචාරයන් පසුගිය 26වැනි දා සිට දින 40ක් පුරා සිදු වීම විශේෂත්වයකි.

චීන ජනතාව බිලියන 9 වාරයක් වාර්තාගත ලෙස චීනය පුරා ගමන් කරන මෙම විශේෂ කාලය පිලිබඳ විදෙස් මාධ්‍යන්ගේ ද අවධානයට ලක්ව ඇති අතර, චීන වසන්ත උත්සව සමයේ විශාල මගීන් පිරිසක් රට තුළ සැරි සැරීමෙන් චීන ආර්ථිකයේ වර්ධනය පිළිබිඹු වන බවයි රොයිටර් පුවත් සේවය පවසයි.

මේ වසරේ චීනයේ සිල්ලර වෙළඳාමේ අලෙවිය චීන යුවාන් ට්‍රිලියන 50 ඉක්මවනු ඇති බවත්, එය චීන ආර්ථිකයට විශාල ගාමක ශක්තියක් වනු ඇති බවත්අපේක්ෂා කරයි..

අලුත් අවුරුදු කාලයේ ගම්බිම්වලට යන ජනතාව හැර චීනයේ සෙසු ප්‍රදේශ හා විදේශ රටවලට පවා යන චීන සංචාරක පිරිසක් ද සිටිනවා.මේ වන විට චීනය පුරා පූර්ණ ගමනාගමන හා යටිතල පහසුකම් ස්ථාපිත කර ඇත.

ලොව විශාලම අධිවේගී දුම්රිය ජාලය, අධිවේගී මාර්ග ජාලය හා ගෝලීය මට්ටමේ වරායන් ඉදි කර ඇති චීනය, සිය රටවැසියන්ට ගුවන්, නැව්, දුම්රිය හා මහ මාර්ග මගින් රට තුළ පමණක් නොව ලෝකය පුරා සැරි සැරීමේ හැකියාව සලසා තිබෙන අතර, පසුගිය දා සිංගප්පූරුව හා තායිලන්තය ඇතුළු රටවල් චීනය සමග නිදහස් වීසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බැවින් උත්සව සමයේ විදේශ රටවල සංචාරය කරන චීන ජාතිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වේ.

සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන චීන ජනතාව ගමනාගමනය, පරිභෝජනය හා සංචාරය කෙරෙහි දක්වන උද්‍යෝගය, චීන ආර්ථික ප්‍රකෘතියේ කැඩපතකි.මෙම කැඩපතෙන් ලොව දෙවැනි විශාලම ආර්ථිකය හිමි චීනයේ ජවය හා නම්‍යශීලිත්වය මනාව පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...