හැත්තෑ හයක ශාපයේ ජ.වි.පෙ. කොටස ….

Date:

ආන්ඩුකරණයේ අසමත් බව වසාගනු වස් මාළිමාව විසින් ඉදිරිපත් කරන එකම ශ්ලෝකය වී ඇත්තේ සියළු අවුල් පසුගිය ආන්ඩුවල වැරදි බවය.. එබැවින් මේ සම්බන්ධ සැබෑව පිළිබඳ යම් කෙටි ආපෝහක විග්‍රහයක් කිරීමට මට සිත් විය..

එදා සිරිමගෙ වාම ජාතික ආර්ථිකය තුල රට ලෝකයට වසා දමා රටේ ක්‍රියාත්මක කල ලිංමැඩි ගෝත්‍ර ආර්ථික වැඩසටහන නිසා 1977 වන විට රට එකතැන පල්වෙමින් තිබූ අතර පිටත ලෝකය අපව පසු කර සෑහෙන දුරක් ගොස් තිබින .. විදේශ විනිමය උපයන නව ක්‍රමවේද මේ කාලය තුල රට තුල බිහි නොවීම නිසා රටේ විදෙස් සංචිත සිඳීයමින් තිබින.. මේ කාලය තුලදී ලාංකීය ජනසමාජයේ සහ ඔවුන් සතු සියළු ශ්‍රම සහ අධ්‍යාපන සක්‍යතාවයන්ද පිටත ලෝකයට සාපේක්ෂව පහල මට්ටමකට වැටී තිබින..

අනතුරුව 1977දී පාලන බලය ලබා ගත් ජේ.ආර්. ජයවර්ධන විසින් අර්බූදය විසඳීමේ පලමු පියවර ලෙස රට ලෝකයට විවෘත කර දැමීය..

පසුකාලීනව බොහෝ විවේචනයන්ට ලක්වූ ග්‍රාමිය කාන්තා ශ්‍රමය මැදපෙරදිග කලාපයට යැවීමේ වැඩපිළිවෙළ යනුද ගමේ පැවති පසුගාමී ශ්‍රමිය හෝ ලෝකයට විවෘත කර ගැමි කුටුම්බයේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථික සංචිතද දියුණු කරගැනීමට ඔහු ගත් එක් ක්‍රමවේදයකි.. ආයෝජන කලාප තුල බිහිකළ ඇඟළුම් රැකියා අවස්තා යනුද පැවති දුර්වල දේශීය ශ්‍රමය හෝ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළට යාකිරීමට ගත් දැවැන්ත වැඩපිළිවෙළකි..

එසේම ඔහු පංච මහා ජලාශ ඉදිකර ඒ තුලින් රටේ විදුලි උත්පාදනය දෙගුණ තෙගුණ කර ග්‍රාමීය ජනයාට හා මහා ආයෝජන වලට අවශ්‍ය විදුලි බලයද ලබාදුනි.. ලංකාව සිංගප්පූරුවක් කරනවා යැයි දැන් කවුරුකවුරුත් පම්පෝරි ගහන ජනප්‍රිය ප්‍රවාදය බිහිවූයේද එදා ඔහුගේ මහා ආර්ථික වැඩසටහනේ දැක්ම ලෙසයි..

ජේ ආර් ජයවර්ධනගේ වැඩපිළිවෙළට මොනතරම් විවේචන, ගැරහීම් ආවත් ඔහු කලේ ඒ මොහොතට අදාල රට ගොඩනැගීමේ යුගයේ කාරයබාරයයි..

නමුත් එදා ජවිපෙ කැරැල්ල බිහිවූයේ ජේ.ආර්. ගේ විවෘත ආර්ථිකය ව්‍යාපෘතියට එරෙහිවය.. කැරැල්ල පමණක් නොව ඉන්පසුව පවා මතවාදී තලයේ මේ විවෘත ආර්ථික ක්‍රියාවලියට එරෙහිව ජ.වි.පෙ. විශාල ප්‍රචාරක වැඩසටහනක සිටියේය.. ඒ හේතුවෙන්ම මේ දූපත ලෝකය හා ඒකාබද්ධව ඊළඟ සියවස කරා ඇදීයාම වෙනුවෙන් සකස්වූ මහා වැඩපිළිවෙළක් සැලකිය යුතු මට්ටමකින් දුර්වල විය..

නූතන ආර්ථික බංකොලොත් බවේ ජ.වි.පෙ. දායක්ත්වයේ දැවැන්ත පදාසයක් එසේ සටහන් කොට තැබිය හැකිය..

එසේම ඉන් පසුද මේ කුඩා රාජ්‍යයට නඩත්තු කරගැනීමට නොහැකි මහා රාජ්‍ය සේවක පිරිසක් බිහිවීමටද ජ.වි.පෙ. මැදිහත්ව කල වැඩකොටස අති මහත්ය.. ඔවුන්ගේ වෘතිය සමිතිවල බලපෑම් මත සිදුවූ අනවශ්‍ය වැටුප් වර්දක සහ ඔවුන්ගේ විපක්ෂ බූමිකාවේ බලපෑම මත සිදුවූ රාජ්‍ය සේවයේ පලල් කිරීම්ද මෙයට හේතුවිය..

ඉතිහාසයේ සිටම යැංකි ඩිකී ලෙසද, ද්‍රෝහියා ලෙසද ජ.වි.පෙ. විසින් හංවඩු ගහපු ජේ. ආර්.ද බැංකු හොරා, නාකියා ලෙස හංවඩු ගහපු රනිල්ද රට ගොඩට ඇදීමට මොනවා හෝ වැඩපිළිවෙළක් දියත්කල සෑම විටම ජ.වි.පෙ.සිටියේ ඊට ප්‍රතිවිරුද්ධවය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...