ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක වලට බලය පවරන විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මෙම තීරණය පැමිණෙන්නේ ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වශයෙන් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුවය.

පසුදිය දා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදයේ පුරවැසියන් සහ ඇතැම් මිත්‍ර පාක්ෂිකයින් විමර්ශනය කිරීමට හෝ නඩු පැවරීමට කටයුතු කරන්නේ නම්, ICC කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව වත්කම් කැටිකිරීම් සහ සංචාරක ගමන් සිමා කිරීමට තමා කටයුතු කරන බවයි.

කෙසේ නමුත්,එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් නොවන අතර හිටපු ICC ප්‍රධාන අභිචෝදකවරිය වන Fatou Bensouda මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බාධක පැනවීම නීති විරෝධී බවත්, මෙම අශෝභන හැසිරීම එක්සත් ජනපදයේ ස්වෛරීභාවය උල්ලංඝනය කරනු ඇති බවත්, ලොව පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූවන් ඔවුන්ට යාමට වෙනත් තැනක් නොමැති විට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු වන අතර ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝගය ඔවුන්ට යුක්තිය සොයා ගැනීම දුෂ්කර කරනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...