යුපුන් කාලීන හොඳම දක්ෂතාවය සමඟ ෆින්ලන්තයේ දී දෙවන තැනට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 07,(LNW)කොළඹ :

ෆින්ලන්තයේ පැවති Tampere Indoor Meeting මලල ක්‍රීඩා සූරතාවලියේදී ගෘහස්ථ මීටර් 60 ඉසව්ව සඳහා සිය හොඳම කාලීන දක්ෂතාවය ලෙස තත්පර 6.66 ක කාලයක් වාර්තා කළ යුපුන් අබේකෝන් එහි දෙවැන්නා බවට පත් වුණා.පළමු ස්ථානය දිනා ගත් නෙදර්ලන්තයේ එල්විස් අෆ්රිෆා ද එම කාලයම වාර්තා කළ අතර එහි අවසානය ඉතා තියුණු මුුහුණුවරක් ගනු ලැබුවා.


.රගාවලියේ දෙවන මූලික තරගය තත්පර 6.69 න් නිමා කර එය ජයග්‍රහණය කරමින් අවසාන තරගයට පිවිසෙන්නට යුපුන් සමත් වූ අතර නෙදර්ලන්තයේ එල්විස් ද,තෙවන මූලික තරගය එම කාලයටම අවසන් කරමින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තා.


මේ තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතර හොඳම පෞද්ගලික දක්ෂතා සළකා බලද්දී යුපුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය වන තත්පර 6.59 ක දක්ෂතාවයට ඉදිරියෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටිනු දකින්නට ලැබුණා.ඒ අතර සිිටි ඝානාවේ සීසාෆෝ ඇන්ටි සහ ඇස්ටෝනියාවේ කාල් එරික් අතරින් ඝානාවේ සීන් අවසාන තරගයට හෝ සුදුසුකම් ලබා ගත්තේ නැහැ. තත්පර 100 න් එකක පංගුවක් පවා සියල්ල කණපිට හැරවිය හැකි තරම් ආශ්චර්ය දනවන කෙටි දුර ඉසව්වක චමත්කාරය රඳවන යුපුන් මේ වාර්තා කළ කාලය සහ ජයග්‍රහණය විශිෂ්ට එකක් වන්නේ ඒ නිසයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...