සමගි ජන බලවේගය නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරයි !

Date:

හෙට (08) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු ප්‍රමාද කිරීමේ අරමුණින් බවයි සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ.

එසේම රටේ ජනතාව දැවැන්ත ආර්ථික පීඩනයකට මුහුණ පා සිටියදී නව පාර්ලිමේන්තු සැසිවාරයක් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ තීරණයට තමන්ට එකඟ විය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

ඒ අනුව රටේ ප්‍රධාන විපක්ෂය ලෙස මෙම උත්සවයට සහභාගී නොවීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...