පොහොට්ටුවේ මන්ත්‍රී පාටියක් අතරේ වෙඩිතැබීමක්. පොලිසියෙන් විමර්ශන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති නුවර එළිය සෙන්පත් මැදුරේදී පසුගිය ජනවාරි 28 වනදා මෙම සාදය පැවැත්වී ඇති අතර මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන, නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ඔවුන් සමග පැමිණි 30ක් පමණ පිරිසක් මෙම සාදයට සහභාගී වී ඇති බව සඳහන්.

එදින රාත්‍රී 12 ට පමණ වෙඩි ශබ්ද දෙකක් ඇසී ඇති අතර පසුදින පිරිසිදු කිරීමේදී කටයුතුවලදී මිලිමීටර් 9 වර්ගයේ හිස් උණ්ඩ කොපු දෙකක් ද හමුවී ඇති බවට එම සෙන්පති මැදුරේ කළමනාකරු පාර්ලිමේන්තු මහලේකම්වරයා ද දැනුවත් කර, පසුගිය 04 වනදා නුවර එළිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව නුවර එළිය පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් එම මැදුරේ දේපළවලට හානියක් සිදුව නොමැති බවත් වාර්තා විය.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...