*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

දකුණු ආසියාවේ කුඩා රටවල් එකට නැඟී සිටිය යුතුයි – නේපාල සහ බංග්ලාදේශ විදේශ ඇමැතිවරු පවසති

75 වැනි නිදහස් සංවත්සරයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශයේ විදේශ ඇමැති ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමන්, නේපාලයේ විදේශ ඇමැතිනී ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් ඇමැතිවරුන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී එම ඇමැතිවරු මේ බව සඳහන් කළහ. කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී ඔවුහු අවධාරණය කර සිටියහ.

දකුණු ආසියාතික රටවලට එකිනෙකාගේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත හැකි බව පෙන්වා දුන් එම ඇමැතිවරු දෙපොළ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (සාර්ක්) දැනට පවතින අවහිරතා සමීප සහයෝගීතාවයට බාධා පමුණුවන බවද පෙන්වා දුන්හ. එහිදී නේපාල විදේශ ඇමැතිනී ආචාර්ය පෞද්‍යාල්, දෙරට අතර ඓතිහාසික ආගමික හා සංස්කෘතික සබඳතා සම්බන්ධයෙන් සඳහන් කළ අතර, බුදුන් උපන් ස්ථානයට පැමිණෙන බෞද්ධයන් විශාල සංඛ්‍යාවකට පහසුකම් සැලසීම සඳහා කොළඹට සහ කත්මණ්ඩුවට සීමා වී ඇති ගුවන් සම්බන්ධතාවයට ලුම්බිණියේ ගෞතම බුද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළත් කර පුළුල් කළ යුතු බවද කියා සිටියාය. නේපාලයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍රමවලින් බොහෝ දේ ඉගෙන ගත හැකි බව පෙන්වා දුන් ඒ මහත්මිය, සමීප සහයෝගීතාවක අවශ්‍යතාව ද අවධාරණය කළාය.

මේ අතර, දකුණු ආසියානු අසල්වැසියන් අතර පවතින ආංශික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම බංග්ලාදේශ විදේශ ඇමැති ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමන් මහතා ද අවධාරණය කළේය.

අමාත්‍යවරුන් දෙදෙනාගේ සංචාරය පිළිබඳව ස්තුතිය පළ කළ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, මෙවැනි ඉහළ මට්ටමේ හුවමාරු කිරීම් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බව පෙන්වා දුන්නේය. වෙළෙඳ පහසුකම්, ව්‍යාපාර සහ ආයෝජන, සංචාරක ව්‍යාපාරයේ සහයෝගීතාව සහ සම්බන්ධතා පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan