සුජිත් රත්නායකගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8-15, ලයනල් වෙන්ඩ්ට්හිදී

Date:

කොළඹ (2023 පෙබරවාරි 6): චිත්‍ර ශිල්පී සුජිත් රත්නායකගේ නවතම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය “අර්බුදය සහ අරගලය” නමින් 2023 පෙබරවාරි 8 සිට 15 දක්වා, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරයේ ප්‍රදර්ශන කමිටුවේ මූලිකත්වයෙන් එළි දැක්වෙන මෙම දෘශ්‍ය කලා ප්‍රදර්ශනය, මහජනයා සඳහා පෙබරවාරි 8 සිට 15 දක්වා සෑම දිනකම පෙ.ව. 9 සිට ප.ව. 8 තෙක් විවෘතව පවතිනු ඇත. අරගලයේ සිත්තරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ සුජිත් රත්නායකගේ මෙම නවතම ප්‍රදර්ශනය, ගෝල්ෆේස් අරගල බිමේ පිහිටවූ ශාලිකාව සහ කලාගාරය තුළදී මෙන්ම ඉන් පසු මේ දක්වා කාලය තුළ ‘දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාර’ ලෙස නිර්මාණය කෙරුණු චිත්‍ර, ස්ථාපන, එකලස් කිරීම්, සහ මිශ්‍ර මාධ්‍ය කෘතිවලින් සමන්විතය. 

ගෝල්ෆේස් අරගල බිම තුළ සුජිත් රත්නායක විසින් පිහිටුවනු ලැබූ චිත්‍රාගාරය, 2022 අප්‍රේල් 9 සිට ජූලි 21 දක්වා, සියල්ලන්ටම විවෘත වූ චිත්‍ර කලා වැඩබිමක් ලෙස ක්‍රියාත්මක විය. එම අවකාශය නිර්මාණකරණයේ යෙදීමටත්, සිය චිත්‍ර ප්‍රදර්ශනය කිරීමටත් සියලු දෙනාට විවෘත විය. 2022 මැයි 9 වන දින ගිනිබත් කරන ලද මේ අවකාශය, වහාම ප්‍රතිස්ථාපනය කිරීමටත් සුජිත් රත්නායක ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක වූ අතර, ඒ අනුව 2022 ජූලි 21 වන දින දක්වා එම අරගල බිමේ කලාගාරය චිත්‍ර නිර්මාණකරණය සඳහා අඛණ්ඩව විවෘතව පැවතිණ.

සුජිත් රත්නායක, ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරය සහ එහි ප්‍රදර්ශන කමිටුව සහ එහි යහළුමිත්‍රාදීන් ඇතුළු සංවිධායක මඩුල්ල, මෙම ප්‍රදර්ශනය නරඹා, ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය සහ අරගලය පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක යෙදීමට සියලු දෙනාටම විවෘතව ආරාධනා කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...