කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්රදේශය අද සිට ජනතා අයිතියට පත්කර තිබේ.
හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට, ඒවා නිකුත් කරන තෙක් විවේකයෙන් කාලය ගත කිරීමට සුහුරුපාය ඉදිරිපිට මෙම ඇවිදින මංතීරුව සහ විවේක ප්රදේශය සකස් කිරීම සිදුවිය.
පරිශ්රය තුළ රැඳී සිටීමට අමතරව, ජනතාවට එළිමහනේ නිදහසේ කාලය ගත කිරීමට හැකිවන පරිදි මෙම ප්රදේශය සකස් කර තිබෙන අතර එහි තවත් කොටසක සංවර්ධන කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.


