*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මාර්තු 09 මෙම ඡන්දය තිබ්බත් නැතත් විශාල වශයෙන් අලුත් දේශපාලනික විපර්යාසයක් ආරම්භ වෙනවා – චරිත

මාර්තු 09 මෙම ඡන්දය පැවැත්වූව ද නොපැවැත්වූව ද විශාල වශයෙන් අලුත් දේශපාලනික විපර්යාසයක් ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

නිදහස සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා,

“රටේ ආර්ථික අර්බුදය එක් පැත්තකින් සංකීර්ණ ලෙස ගමන් කරන අතර රට තුළ දේශපාලනික අර්බුදයක් අලුතෙන් ආරම්භ වෙනවා කියන එක මාගේ පූර්වකථනයයි .මෙම ආර්ථික අර්බුදය සමග දේශපාලනික අර්බුදය ගැටගැසී තියෙනවා . මේ දවස් වල අප ආමන්ත්‍රණය කළ යුතු මූලික ප්‍රශ්නය මෙයයි…1989 වන විට එක් පැත්තකින් ජනවාර්ගික අර්බුදය සමහන් කිරීමට ගොස් දේශපාලනික අර්බුද මතු වෙලා . එවැනි තත්ත්වයක් තත්වයක් නැවත වතාවක් උද්ගත වීමට හැකි ඉඩකඩක් පවතිනවා. මෙහි ප්‍රශ්න කිහිපයක් මතු වෙලා තියෙනවා ඒවා,

01) I.M.F. සංවිධානයෙන් අප ලබා ගැනීමට අදාළ ණය මුදල ලබා ගැනීම.

02) ව්‍යවස්ථාවට අනුව යෙදී ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම.

03) එම පළාත් පාලන මැතිවරණය හා සම්බන්ධ කොට ජනාධිපති විසින් 13 වන සංශෝධනය අවශ්‍යයි වන යෝජනාව.

මෙම කරුණු තුනම එකිනෙකට ගැට ගැසී තිබෙනවා…
රටේ ප්‍රධාන ධාරාව වන ජනාධිපති හා අගමැති ඇතුලූ ඇමති මණ්ඩලය සිටින පක්ෂ ගණනාවකින් සැදුම් ලත් දේශපාලනික ධාරාවයි…මෙම ප්‍රධාන ධාරාවේ දේශපාලනික කණ්ඩායම් සියල්ලම පෙලඹුම් කරන පළමු ප්‍රශ්ණය නම් ඡන්දයට බිය වීමයි…අද ආණ්ඩුවේ බොහෝ අය කියන කතා වලින් පේන්නේ “අපි ඡන්දයට බයයි මල්ලියේ” කියලා තමයි කියන්නේ…මේ වන විට රටේ බහුතර සමාජය ආණ්ඩුවට විරුද්ධව සිටින හෙයින් දේශපාලනික වශයෙන් රටේ අස්ථාවර භාවයක් මතු වී තියෙනවා…මාර්තු 09 මෙම ඡන්දය තිබ්බත් නැතත් විශාල වශයෙන් අලුත් දේශපාලනික විපර්යාසයක් ආරම්භ වීමට හැකියාවක් පවතිනවා එනිසා තමයි එදා අපි සහ එදා අපේ පක්ෂය අපේක්ෂකයන් තෝරල ඔවුන්ට රැස්වීම සංවිධානය කරන්න කියනවා සෙනග රැස්කරල අද මොකද පොහොට්ටුව කරන්නේ අපේක්ෂකයෝ කාමරයකට කොටු කරගෙන රැස්වීම් කියල මාධ්‍ය සංදර්ශන කරගෙන යන කනගාටුදායක තැනට .වැටිලා…එසේම I.M.F එක සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර දැක ගැනීමට හැකියාවක් මතුවී තිබේ…අප විපක්ෂයේ සිටියත් I.M.F එකත් සමග මෙම ගනුදෙනුව ඉදිරියට යා යුතුයි කියන කරුණ අප ධනාත්මකව කල්පනා කරනවා..

මේ වන විට රටේ පවතින ප්‍රධාන දේශපාලනික පක්ෂ වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස් ජනතා සන්ධානය ප්‍රමුඛ අප සිටින කණ්ඩායම මේ වන විට දේශපාලන බිමෙහි ඇතුලෙ සිටින ප්‍රධාන සන්ධානයන් බව සඳහන් කළ හැක”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan