කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අඛණ්ඩව පහළ යාමක්

Date:

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව දෙවන දිනයටය.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 124.28 කින් පහළ ගොස් ඒකක 8,975.86 ක් ලෙසින් දැක්වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 51.43 කින් පහළ ගොස් ඒකක 2,785.19 ක් ලෙසින් වාර්තා වුණි.

සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට හේතුවී තිබුණේ සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ වැලිබල් වන් ඇතුළු සමාගම් 126 ක කොටස් මිල ගණන් අද දිනයේ දී පහළ යාමයි.

රු. බිලියන 2.22 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.2 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.87 ක් ලෙසින් සටහන් වූ අතර විදෙස් ආයෝජකයින්ගේ දායකත්වය නැවත වරක් යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් රු. බිලියන 1.02 ක විදේශීය මිල දී ගැනීම් අද දින වාර්ත වී තිබුණි. විදේශීය විකිණුම් සටහන්ව තිබුණේ රු. මිලියන 342.50 ක් ලෙසිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...