අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත්

Date:

වයස අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ අවුරුදු 05 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදිය හැකි බව මේ වනවිටත් ගෝලීය වශයෙන් සනාථ වී ඇති බවයි.

අවුරුදු 05 ට අඩු, මාස 06 ට වැඩි දරුවන්ට එන්නත් ලබාදිය හැකිද යන්න පිළිබඳව මේ වනවිටත් පර්යේෂණ සිදු කරමින් තිබෙන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී එන්නත් ලබාදෙන වයස් සීමාවන් වෙනස් විය හැකි බවයි.

කොවිඩ් ආසාදනය වන දරුවන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවද ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත විය හැකි බැවින් ඔවුන්ටද එන්නත් ලබාදීම සුදුසු වන බවද ඔහු පවසනවා.

කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ මත ප්‍රචාරය වන බැවින්, එම ව්‍යාජ මතවලට නොරැවටී හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙද බී.ජේ.සී. පෙරේරා වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...