*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ලංකාවේ නිදහස් උළෙල 02 ක් ඇමෙරිකාවේදී මහඉහළින් ….!

අශෝක ජයතුංග

පෙබරවාරි, 07 වොෂින්ටන් LNW : ශ්‍රී ලංකාවේ 76 වන නිදහස ට සමගාමීව ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර දී එරට තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් උළෙල 02 ක් උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

      ඉන් පළමුවැන්න එදින පෙරවරුවේ තානාපති පරිශ්‍රයේදී පැවති අතර ජාතික කොඩිය එසවීම, ජාතික ගීය සිංහල හා දෙමළෙන් ගැයීම,නිදහස වෙනුවෙන් කැපවූ හා දිවිදුන් විරුවන් සැමරීම, චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දැල්වීම හා බෞද්ධ හින්දු මුස්ලිමි ක්‍රිස්තියානි ආගමික කටයුතු ඊට ඇතුලත් විය.

      අනතුරුව ආරාධිත ලාංකිකයන් හා ඇමෙරිකානුවන් අතුළු විශාල පිරිසක් මධ්‍යයේ  උත්සව සභාව පැවැත්වින. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමෙරිකාවේ  රාජ්‍ය දෙපාර්තමේන්තු වැඩ බලන නියෝජ්‍ය සහකාර ලේකම් ස්කොට් අර්බම් මහතා එක් විය.

     එදින පස්වරුවේ වොෂින්ටන් හි ජෝන් එfප් කෙනඩි උසස් පාසැල් ශ්‍රවණාගාරයේ දී  ඇමෙරිකාවේ  ක්‍රියාත්මක ලාංකික සංවිධාන 06 ක් වන SL Ranga kala kavaya , Bethesda Api , Am – SL friendship Ass: (Ape kattiya) , SL Ass: of W – DC , Kala lanka foun: , Hospetal Ser : council of Greter Washington තානාපති කාර්යාලයේ ද සම්බන්ධීකරණයෙන්  සංස්කෘතික උළෙලක් පැවැත් වූ අතර ඊට 1000 ක් පමණ එක්වූහ. ශ්‍රවණාගාරය ලබාදීමේ වගකීම තානාපති කාර්යාලය විසින් ඉටුකළේය.එහිදී සභාව ඇමතූ තානාපති මහින්ද සමරසිංහ මහතා ලංකාව ගැන කල විග්‍රහය ප්‍රසංශාවට ලක් විය.

       “මම ඇමෙරිකාවෙ වගකීම් බාරගන්න කොට ලංකාව ආර්ථික අභියෝග රැසකට මුහුණ දුන් රටක්. ඖෂධ ඉන්දන ගෑස් පොහොර අත්‍යවශ ආහාර පවා තිබුණෙ නෑ. ලංකාවෙ බැංකුවකින් නිකුත්කල ණයවර ලිපි කිසිම රටක් පිළිගත්තෙ නෑ. රටේ සංචිත දින 3 – 4 කටයි තිබුණෙ.ඒ අතරෙ අරගලය පටන් ගත්තා” ඔහු කීවේය.

      තවදුරටත් සභාව ඇමතූ තානාපතිවරයා…“රටට කිසිම මාවතක් තිබුණෙ නෑ.IMF එක්ක අපි කතාකරල එවකට ජනපතිට කිව්වා. එතුමා ඒ වැඩ පිළිවෙල අනුමත කලා. වත්මන් ජනාධිපතිතුමා එය ඉදිරියට ගෙනගියා. ලංකාව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වුණේ එතනින්. රු කෝටි 1800 ක නොමිලේ බෙහෙත් හා ඇමෙරිකාවෙන් ඩො මිලි 270 ක (රු කෝටි 8900 ) උදව් ලංකාවට ලැබුණා. ඉන් කොටසක් පොහොර මිලට ගන්න වැය කලා. තවද ඇමෙරිකාවේ  DFC වෙතින් ඩො බිලියනයක (රු කෝටි 32, 300 ) ආයෝජන ආධාර ලංකාවට ලැබුණා. ඇමෙරිකාව තව හුගක් දේ අපට කලා. 2024 දී ඒ උදව් තව වැඩි කරගන්න ක්‍රියා කරනවා. ඊට ඔබේ සහායත් අවශ්‍යයි. ලොව හොදම රටේ   ඉහළ තලයක සිටින ඔබ ලංකාව අමතක නොකරන බව මට විශ්වාසයි. ලාංකිකයන් මෙරට ආර්ථිකය නැංවීමට දෙන දායකත්වය ගැන ප්‍රසංශා ලැබෙනවා.ලංකාවෙ ආර්ථිකය හා සෙසු සියලු දේ දැන් යම් පරිවර්ථන අවදියක තියෙන්නේ. ඒ ගැන වගේම ලංකාවේ සුන්දරත්වය ගැනත් ඇමෙරිකානුවන්ට කියාදෙන්න” තානාපති මහින්ද සමරසිංහ කීවේ  ඔල්වරසන් හඬ මධ්‍යයේය.

     ලාංකික සංවිධාන 06 ක් එකමුතුව මුල් වරට  පැවැත්වූ මෙම උත්සවය සෑම වසරකම පවත්වන්නට හැකිවෙිවායි කී තානාපතිවරයා ලාංකික අපට එකමුතු වූ විට කල නොහැකි දෙයක් නැති බව ද පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan