අපිට බනින කිසි කෙනෙක්ට වගකීමක් ගන්න ගටක්, හැකියාවක්, නෑ. විපක්ෂ විවේචන අපි දණහිසෙන් උඩට ගන්නෙත් නෑ – ඇමති චතුරංග

Date:

තමන්ට බනින කිසිවෙකුට ස්වේච්ඡා දේශපාලනය තෝරාගෙන රට වෙනස් කිරීමේ වගකීමක් ගැනීමට ධෛර්යයක්, හැකියාවක් හෝ කුසලතාවයක් නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

විරුද්ධ පක්ෂවල දූෂිතයින්ට ඡන්දය ලබාදුන් අයගේ විවේචන තමන් දණහිසින් උඩට නොගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ (07) පැවති අපනයන සම්මාන උළෙලේදී තමන් මීට පෙර සේවය කළ මාස් හෝල්ඩිංස් ආයතනයට සම්මාන හිමිවෙද්දී නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයාගේ පසෙකින් වේදිකාවේ සිටින්නට ලැබීමේ ජයග්‍රාහී අවස්ථාව මහත් ප්‍රීතියෙන් යුතුව සමරමින් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමිනි.

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගයේ මහලේකම්, විශේෂඥ වෛද්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහගේ පුත්‍රයෙකි. චතුරංග අබේසිංහට නියෝජ්‍ය ඇමති තනතුරක් හිමිවූයේම ජාජබ මහලේකම්වරයා වශයෙන් තමන්ට හිමිවන්නට නියමිතව තිබුණු ඇමති ධුරය වෙනුවට තම පුත්‍රයාට තනතුරක් ලබාදෙන්නැයි නිහාල් අබේසිංහ පක්ෂයෙන් කළ ඉල්ලීමක් අනුව බවට කතාවක් ඒ දිනවල සංසරණය වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...