කැනඩාව ඈඳා ගැනීමට ට්‍රම්ප්ට අවශ්‍ය බව ටෘඩෝ කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ ඇති අතිවිශාල ඛනිජ ද්‍රව්‍ය වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය හෙයින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැනඩාව ඈඳා ගැනීමට අවශ්‍ය බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ප්‍රකශ කර තිබේ.

සියලුම කැනේඩියානු ආනයන සඳහා 25%ක තීරුබදු පැනවීම, ෆෙන්ටැනයිල් චලනය වැළැක්වීම, දේශසීමාවේ ආරක්ෂාව සහ අන්තර් පළාත් වෙළඳාමේ අභියෝගය පිළිබඳ සාකච්ඡා ඇතුළත් විවිධ ව්‍යාපාරික නායකය සමුළුවක් ටොරොන්ටෝහිදී කැඳවන ලද අග්‍රාමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකශ කර තිබිණි.

කැනඩාව ලිතියම්, මිනිරන්, නිකල්, තඹ සහ කොබෝල්ට් ඇතුළු හරිත බලශක්ති සංක්‍රාන්තිය සඳහා තීරනාත්මක යැයි සැලකෙන ඛනිජ වලින් පොහොසත් රටක් වන අතර කැනඩාවේ වෙළඳපොලෙන් 75%ක් ඇමරිකාව මත රඳා පවතියි.

මෙම සතිය මුලදී, ට්‍රම්ප් කැනඩාවේ ආර්ථිකය විනාශ කළ හැකි තීරුබදු වලින් ඉවත් වූ අතර, ඔහුගේ රටේ විශාලතම වෙළඳ හවුල්කරුවෙකුට වැඩිදුර සාකච්ඡා සඳහා දින 30 ක සහනයක් ලබා දුන්නේය.

ජනාධිපති ට්‍රම්ප් දිගින් දිගටම කැනේඩියානු ස්වෛරීත්වයට සමච්චල් කරමින් සමාජ මාධ්‍යවල රට “51 වැනි ප්‍රාන්තය” ලෙස පුනරුච්චාරණය කරමින් නැවත නැවතත් ටෘඩෝ අගමැති වෙනුවට “ආණ්ඩුකාර” ලෙස හඳුන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...