ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් තම දිනක වැටුප(රු. මි. 50ක්) Rebuilding Sri Lanka අරමුදල වෙත පරිත්‍යාග කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07 , කොළඹ LNW :

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද රී බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට , ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් තම දිනක වැටුප, පරිත්‍යාග කර ඇත.

එලෙස පරිත්‍යාග කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 50කි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊට අදාළ චෙක්පත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී භාර දී ඇති බවයි .

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...