‘ක්‍රිෂ්’ගොඩනැගිල්ල ගිනිගැනීමට හේතුව…?

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ (LNW):

පසුගිය දින දෙකකදී ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී ‘ක්‍රිෂ්’  ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බව, එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ එම දෙපාර්තමේන්තුව පවසා සිටියේය. ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද  කැඳවා ඇති බව ද සඳහන් වේ.

‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35වන මහල 6 වෙනිදා ගිනිගත් අතර, පසුව ඊයේ (7) වනදා 24වන මහලේ ද ගින්නක් ඇති වූ අතර, ඒ හේතුවෙන් ගින්න නිවීම සදහා ගිනිනිවන රථ 3 බැගින් රථ 6ක් අවස්ථා දෙකේදීම යොදාගැනීමට ගිනිනිවන දෙපාර්තමේන්තුවට සිදුවිය. මේ වනවිට, පොලිස් නිලධාරීන් 20කගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බවත්, ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ ආරක්ෂාව මේ වනවිට තරකර ඇති බවත් වාර්තා වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...