*
Saturday, February 8, 2025
spot_img

Latest Posts

අරගලයේදී හානිවූ දේපළවලට ලබාගත් වන්දි ගැනත් රජයෙන් විමර්ශනයක්!

කොළඹ LNW:2022 ගෝල්ෆේස් අරගල සමයේදී දේපළ හානි වූ මැති ඇමතිවරුන් ලබා ගෙන තිබෙන වන්දි මුදල් ඔවුන් ඉදිරිපත්කර තිබෙන වත්කම් බැරකම් ප්‍රකාශ සමඟ ගැළපෙන්නේ ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම දේපළ විනාශ වීමට අදාළව මැති ඇමතිවරු ලබාගෙන තිබූ වන්දි මුදල් සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කලන ලදී.

මැති ඇමතිවරු ඉහළ වටිනාකමක් තිබුණු ඔවුන්ගේ එම දේපළ රක්ෂණය කර තිබුනේද නැද්ද යන්න පිළිබදව ද සොයා බැලීමට නියමිත බව සඳහන්.

යම්කිසි ලෙසකින් එම දේපළ රක්ෂණය කර නොතිබුනා නම් එම දේපළවල සැබෑ හිමිකාරීත්වය හෙළිදරව් වීම වැලැක්වීම සදහා එසේ කර තිබුණා ද යන්න පිළිබදවද විමර්ශනය කරනු ඇති.

ඒ අනුව එම වන්දි ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සම්පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට නියමිත අතර මේ වන විට සමාජය තුළද ඒ සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ.

සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අනාවරණය කරන ලද වන්දි මුදල් ලබාගත් මැති ඇමති ලැයිස්තුව,

නුවන් අතුකෝරළ – රුපියල් 504,000
විමලවීර දිසානායක – රු. 550,000
ගීතා කුමාරසිංහ – රු. 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි – රු.1,143,000
ගුණපාල රත්නසේකර – රු.1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත – රු.ලක්ෂ 23
ප්‍රියංකර ජයරත්න – රු. 2,348,000
සම්පත් අතුකෝරළ – රු.2,540,610
ජයන්ත කැටගොඩ – රු. 2,814,800
විමල් වීරවංශ – රු. 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන – රු.3,334,000
අකිල එල්ලාවල – රු. 3,554,250
චමල් රාජපක්ෂ – රු. 6,539,374
චන්දිම වීරක්කොඩි – රු.6,948,800
අශෝක ප්‍රියන්ත – රු. 7,295,000
සමන් ප්‍රිය හේරත් – රු. ලක්ෂ 105.2
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රු.ලක්ෂ 105.5
රෝහිත අබේගුණවර්ධන – රු.ලක්ෂ 116.4
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ – රු. ලක්ෂ 137.8
සහන් ප්‍රදීප් – රු. ලක්ෂ 171.3
ශෙහාන් සේමසිංහ – රු. ලක්ෂ 185.1
ඉන්දික අනුරුද්ධ – රු. ලක්ෂ 195.5
මිලාන් ජයතිලක – රු.ලක්ෂ 223
වෛද්‍ය රමේෂ් පතිරණ – රු. ලක්ෂ 281
දුමින්ද දිසානායක – රු. ලක්ෂ 288
කනක හේරත් – රු. ලක්ෂ 292
ඩී බී හේරත් – රු. ලක්ෂ 321
ප්‍රසන්න රණවීර – රු. ලක්ෂ 327
ඩබ්ලිව් ඩී වීරසිංහ – රු. ලක්ෂ 372
ශාන්ත බණ්ඩාර – රු. ලක්ෂ 391
එස් එම් චන්ද්‍රසේන – රු. ලක්ෂ 438
සනත් නිශාන්ත – රු. ලක්ෂ 427
සිරිපාල ගම්ලත් – රු. ලක්ෂ 509
අරුන්දික ප්‍රනාන්දු – රු. ලක්ෂ 552
සුමිත් උඩුකුඹුර – රු. ලක්ෂ 559
ප්‍රසන්න රණතුංග – රු. ලක්ෂ 561
කෝකිලා ගුණවර්ධන – රු.ලක්ෂ 587
මොහාන් පී ද සිල්වා – රු. ලක්ෂ 601
නිමල් ලාන්සා – රු. ලක්ෂ – 692
අලි සබ්රි රහීම් – රු.ලක්ෂ 709
ගාමිණි ලොකුගේ – රු. ලක්ෂ 749
ජොන්ස්ටන් ප්‍රනාන්දු – රු. ලක්ෂ 934
කෙහෙළිය රඹුක්වැල්ල – රු.ලක්ෂ 959ක්

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan