ඇලස්කා ප්‍රාන්තයේ දී අතුරුදන් වූ මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගැනේ: සියලු දෙනාම මියගිහින්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මුදාගැනීමේ කණ්ඩායම් විසින් ඇලස්කා ප්‍රාන්තයේ දී අතුරුදන් වූ මගී ගුවන්යානයේ සුන්බුන් මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (7) දින පුද්ගලයින් 10දෙනෙකු රැගත් මෙම මගී ගුවන්යානය ඇලස්කා ප්‍රාන්තයේ නෝම් නගරයට සැතපුම් 34ක් පමණ දුරින් වූ හිම සහිත කදුකර ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව යානයේ නියමුවා ඇතුළු එහි සිටි මගීන් සියලු දෙනාම මියගොස් ඇති බවට බලධාරීන් විසින් තහවුරු කර ගෙන ඇත. මේ වන විට, ඉන් තිදෙනෙකුගේ මළසිරුරු මුදාගැනීමේ කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ, බේරින්ග් එයාර් ගුවන්සමාගමට අයත් කුඩා වර්ගයේ මගී ගුවන්යානයක් වන යානය ඇලස්කා ප්‍රාන්තයේ උනලක්ලීට් සිට නෝම් නගරය දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන්ව තිබූ අතර, යානය සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. විදෙස් වාර්තා කළේ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊට බාධා සිදුවූ බවයි. .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...