රට නොයා ඉන්න නම් සුවිශේෂී වැටුප්, බලපත්‍ර වාහන, බදු අඩුකිරීම් ඇතුළු යෝජනාවලියක් GMOA ජනපතිට යවයි

Date:

රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය හමුවේ වෛද්‍යවරුන් 2000 කට අධික පිරිසක් රට හැර ගොස් ඇති අතර තවත් 5000 කට අධික පිරිසක් රට හැර යාමේ සූදානමින් සිටින බවත් මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණහොත් මෙරට රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී දීමනා සහිත යෝජනාවලියක් 2025 අයවැය ලේඛනයට අන්තර්ගත කරන ලෙස ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ.

වෛද්‍යවරුන්ට වෙළඳපොල වටිනාකම මත පදනම් වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, තීරුබදු සහන සහිත බලපත් යටතේ වාහන ආනයනයට අවසර දීම, උපයනවිට ගෙවීමේ බදු අඩුකිරීම ඇතුළු යෝජනා අඩංගු එම යෝජනාවලිය සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති යළි දිවයිනට!

රෂිකා හෙන්නායක ජූලි 31කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද!

කොළඹ LNW:සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන කුඹල් පෙරහැර වීදි...

ට්‍රම්ප් ඉන්දියාවට හා දකුණු කොරියාවට නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...