මන්නාරමේ සුළං විදුලි ටෙන්ඩරය දුන්නේ ලංකා ඉතිහාසයේ අඩුම අගයටයි. දැන් අපට හොඳ නිර්ණායකයක් තිබෙනවා – ජනපති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මන්නාරමේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලබාදී ඇති ටෙන්ඩරය එසේ ලබාදී ඇත්තේ ලංකා ඉතිහාසයේ අඩුම අගයට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ විදුලි බිල වහිනකොට අඩුවෙන, පායනකොට වැඩිවෙන විදුලි බිලක් නම් කොහොමද අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ආරක්ෂා කරගන්නේ ? අපි හිතන්නේ මෑත කාලයේ සුළං විදුලි බලාගාරයක් අපි මන්නාරමේ ප්‍රදානය කළා, මං දැක්කා පාර්ලිමේන්තුවේ ගොඩාක් ආන්දෝලනයකට කතා කරනවා ඒක. හැබැයි ඒ කතා කරන හැමදෙනාම මතක තබාගත යුතුයි අපි එම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරය ලබාදී තිබෙන්නේ ලංකා ඉතිහාසයේ අඩුම අගයට, එම ටෙන්ඩරයේත් අඩුම අගයට. ඩොලර් ශත 4.65 යි. සාමාන්‍යයෙන් මීට පෙර සුළං බලාගාර සම්බන්ධයෙන් විදුලි ඒකකයක මිල සාකච්ඡා වෙමින් තිබුණේ ඩොලර් ශත 8.22 ට. අපි සමත් වී තිබෙනවා මේ ටෙන්ඩරයෙන් ඒක ඩොලර් ශත 4.65 ට අඩු කරගන්න. හොඳ අගයක් කියලා අපි විශ්වාස කරනවා ඒක. දැන් අපට නිර්ණායකයක් තිබෙනවා සුළං බලාගාර කොයි තැනද පිහිටන්න ඕනෙ කියලා. අපේ ආණ්ඩුව එන්න පෙර අපට ඒ සංඥාව තිබුණෙ ඩොලර් ශත 8.22, අද සංඥාව තියෙනවා 4.65. හොඳයි නේ ? ඩොලර් ශත 4.65ක් කියන්නෙ හොඳ මිලක්. අපේ විදුලි සැපයුම ස්ථාවර කරගනිමින් විදුලිය සඳහා යන පිරිවැය අඩු කරගත්තොත් අපට ස්ථාවර විදුලි බිල් මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්, අපට ඒ සඳහා කාලය ලබාදෙන්න, අපි සූදානම් ඒ සඳහා අවධානය යොමුකරන්න”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 07) පැවති 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

ඉහත කී විදුලි බලාගාර ටෙන්ඩරය පිරිනමා තිබුණේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම දේශීය සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගමට වන අතර පසුගිය දිනයක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විවේචනයක් එල්ල කර තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...