පෙබරවාරිය අවසන් වීමට පෙර ජල ගාස්තු අඩුවන ලකුණු!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ (LNW):

පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ජල ගාස්තු අඩු කරන බව, නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසන අතර, අඩුවෙන් ජලය පරිභෝජනය කරන පුද්ගලයින්ට වැඩියෙන් වාසි සැලසෙන ලෙසට, ජල ගාස්තු අඩුකරන ලෙස උපදෙස් දී ඇති බව , අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.

විදුලි බිල 20% කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇතැයි, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ජල සම්පාදන මණ්ඩලයේ කමිටුවක් හරහා එම සියලු යෝජනා සමාලෝචනය කර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති අතර, ජල ගාස්තු තීරණය කිරීමේදී විදුලි බිල දායක වන්නේ, සියයට 40 කින් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඊට සමානුපාතිකව බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...

අපි භාරගත්ත රාජ්‍යයේ තරම දැන් ඔබට පේනවා ඇති!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා රටට ගෙනවිත් තිබෙන රසායනික...

විදර්ශන සාහිත්‍යයේ කාන්තා ඇගයීම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා...