සටහන – රුවන් නෙළුගොල්ල
රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලට කැඳවා කට උත්තර ලබාගනිමින් පවතින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
ප්‍රශ්නය – ජාතික ආරක්ෂාව සම්බන්ධ තත්වය මොකක්ද මේ වෙනකොට ?
“කිසිම ගැටලුවක් ඇතිවෙලා නැහැනෙ මේ වෙනකොට. ජාතික ආරක්ෂාවේ මාතෘකාව අපි ඉතාමත්ම පල්ලෙහාට අරන් ඇවිල්ලා තියෙනවා, එහෙම දෙයක් පිළිබඳ කතිකාවක්වත් සමාජයේ නැති මට්ටමට”
ප්‍රශ්නය – දැන් 2029 ජනාධිපතිවරයා ආයෙත් අනුර කුමාර මහත්තයාම තමයි නේද ? වෙනසක් වෙන්නෙ නැහැ ? දැන් නාමල් මහත්තයා ලොකු රැල්ලක් පෙන්නනවා …
“ඔයා දන්නවා උත්තරේ ….”
ප්‍රශ්නය – මොකද හිතන්නෙ ඒ ගැන ?
“ඔයා දන්නවානෙ උත්තරේ ….”
ප්‍රශ්නය – මේගොල්ලො දැන් බයවෙලාද මේ ?
“තරගයක්වත් නෑ ….”
ප්‍රශ්නය – දැන් මේ නීතිය ක්‍රියාත්මක වෙනවාද ඔක්කොටම ? කියන්නෙ නම් බොරුවට ගෙන්නුවාට වැඩක් නෑ කියලා
“නීතිය ක්‍රියාත්මක නොවෙන තැනක් කියන්නකො. නීතියට අනුව තමයි ඔක්කොම වැඩ”
ප්‍රශ්නය – අර උගන්ඩාවෙ සල්ලි තියෙනවා කිව්වා. දැන් නාමල් රාජපක්ෂ මහත්තයාම අභියෝග කරනවානෙ ආණ්ඩුවට පුළුවන් නම් ගෙන්නලා බලන්න කියලා ?
“ඉතින් දැන් ගෙන්නුවා. මෙහෙමනෙ, ඉස්සෙල්ලා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව හදන්න එපැයි. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව හදන්නෙ නැතිව එකපාර කරන්න බැහැනෙ. දැන් ඔය කට උත්තර දිදී ඉන්නෙ කට්ටිය. මුළු පවුලෙම කට්ටිය දෙනවානෙ දැන්…”
ප්‍රශ්නය – ඒ කියන්නෙ තාම පටන් ගත්තා විතරද ඇමතිතුමා ?
“පටන් අරන් කරන් යනවා”
ප්‍රශ්නය – ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම හිරේ යවනවාද ?
“නීතිය අනුව අධිකරණය තීරණය කරයි”
ප්‍රශ්නය – කාටවත් කිසි තහනමක් නෑ ?
“නෑනෙ … ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 12.1”
ප්‍රශ්නය – ඒ කියන්නෙ ඒගොල්ලො ඔප්පු කරගන්න බෑ කියලා තමයි මේ බය නැතිව ඉන්නෙ නේද ? නාමල් කියන්නෙ පුළුවන් නම් ගෙන්වන්න, මේවා ඔප්පු කරන්න බෑ, අපි වැරදි කරලා නෑ කියලා. ඇත්තටම එහෙම වැරදි කරලා නැද්ද ?
“පරීක්ෂණවලින් හෙළිදරව් වේවි”
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.


