වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් පෙබරවාරි මස 08 සිට 11 දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද (පෙබරවාරි 08) දිනයේදී ඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...