*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (13) සියළු රහස් හෙළිවෙයි. රැඳවියන් ප්‍රචණ්ඩ වෙයි

සියළු දුෂ්කර බාදක ජයගත් රැඳවියන්ට අවසානයේ ඔවුන් බලාපොරොත්තු වූ ඇළ ඉවුර වෙත උමඟය හාරා අවසන් කිරීමට හැකියාව ලැබී තිබින. නමුත් මෙහිදී මේ උමඟයෙන් පලායෑමට සූදානම්ව සිටි අය අතර සිටි නොමේරූ අපරිනත රැඳවියන් කීපදෙනෙක් අතින් මේ උමගය පිළිඹඳ රහස කඳවුරේ සෙසු රැඳවියන් වෙතද කාන්දුවී තිබින.

මේ තත්වය තුල මේ පලායාම පිළිබඳ තොරතූර පමණක් නොව උමගය හාරන ලද ස්තානය යන මේ සියල්ල රැඳවියන් අතර සිටි කවුරුන් විසින් හෝ පරිපාලනයට දැනුම්දී තිබින.

එහිදී පරිපාලනය විසින් උමගය අල්ලාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කලේ මෙසේය. එක් දිනක් උදෑසන නමයට පමණ හමුදා ට්‍රක් රථ විශාල ගනනක් පැමින පිටත බූමිය වටලන්නට විය. ඒ සමඟම අවිගත් පොලිස් ෆ්ලෑටුන් හතරක් පමණ රැඳවුම් බූමියට කඩාවැදී රැඳවියන් ශාලාව තුලට දමා ඉබි යතුරු දැමීය.

ඊළඟට බට පිරිස එක එල්ලේම උමං කට ලඟට ගොස් ලැබී තිබූ ඔත්තුව තහවුරු කරගත්තේය. අනතුරුව එහි සිටි පොලිස් නිලධාරියෙක් පිටත රැකවලේ සිටි පොලිස් හා හමුදා බටයන්ට “උමගය පිළිබඳ තොර තුර නිවැරදි බවත් වහා ගිනි අවි සූදානම් කරගන්නා ලෙසත් ඉංග්‍රීසි බසින් නියෝග දෙනු ඇසින. ඒ සමඟම T 56 අවි රැසක් එකවර කොක් කරන හඬද ඇසින.

මෙහිදී අපට මතු උන ගැඨළුව නම් ඒ වනවිටත් කවුරුන් හෝ රැඳවියෙකු උමගය තුල වැඩකරමින් සිටියේ නම් සියළු රැඳවියන් ශාලාව තුලට දමා වැසූ පසු උමගය තුල සිටින රැඳවියාට සිදුවන්නේ කුමක්දැයි අපට නොපෙනීමය. උත්ගත තත්වය තුල ඔහුගේ ජීවිතයට බටයන් අතින් අනතුරක්වීමේ අවදානමක්ද තිබින. ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වූ ලෙස්ලි අයියා රැඳවුම් ශාලාවේ කවුළුවක් අසලට ගොස් පිටත සිටි නිලධාරීයෙකු අමතා ” ඔපිසර්, උමග ඇතුලේ කවුරු හරි ඉන්නවා නම් එයාට හානියක් කරන්න එපා,අපි සියල්ල බලාගෙනයි ඉන්නෙ” යැයි උස් හඬින් ප්‍රකාශකලේය. නමුත් වාසනාවට උමගය තුල ඒ මොහොතේ කිසිවෙකු සිට නැත.

මෙහිදී උමඟය වැටලීමෙන් පසුව පරිපාලන නිලධාරීන්ගේ ඊළඟ ක්‍රියාවිතය වූයේ උමගය වසා දැමීමය. ඒ සඳහා ඔවුන්ගේ උපාය මාර්ගය වූයේ බැකෝ යන්ත්‍ර කිහිපයක් ගෙන්වා උමගය මතුවෙන තෙක් පොලොව හාරා අනතුරුව උමගය තෙක් හෑරුන දැවැන්ත අගල කළුගල් දමා පිරවීමය. ඒ සඳහා ඔවුන්ට දින ගනනාවක් ගතවූ අතර කළුගල් කියුබ් විශාල ප්‍රමාණයක් වැය විය.

එසේම මේ උමගයට අමතරව ඔවුන්ට සොයාගත නොහැකි තවත් උමගක් හෝ කීපයක් තිබිය හැකි යැයි නිලධාරීන්ට සැක සිතී තිබින. එහිදී ඔවුන් උපකල්පනය කල වෙනත් උමං මාර්ග තුලින් පැන යන්නන් අල්ලා ගැනීම සඳහා කඳවුර වටා ඇති මංමාවත් වල නිරන්තර ජංගම මුර සේවයක් යොදවා තිබූ බවද පසුව අපට දැනගන්නට ලැබුනි.

මේ අතර උමඟය නිලධාරීන් විසින් අල්ලාගත් දින රාත්‍රියේ මා සිටි ශාලාවට එපිටින් තිබූ ශාලාවක් තුල රැඳවියන් කන්ඩායමක් අතින් අනවශ්‍ය ප්‍රචන්ඩ ක්‍රියාවක් සිදුවී තිබින. එනම් උමගය තුලින් පලායාමට අපේෂාවෙන් සිටි රැඳවියන් පිරිසක් උමගය පිළිඹඳ ඔත්තුව දුන්නා යැයි සැක කෙරූ තවත් රැඳවියන් පිරිසකට දරුණු ලෙස පහර දීමයි.

මෙහිදී ධරුණු ලෙස පහර කෑ රැඳවියන් කීප දෙනෙක් කඳවුර වටා ඇති පොලිස් මුරපොලවල් වලට දිවගොස් පන බේරාගෙන නිබූ අතර එක් රැඳවියෙකු මිය ගොස් තිබින. මියගිය රැඳවියා මොනයම් හෝ හේතුවකට හෝ අත් අඩංගුවට ගෙන කඳවුරට ගෙනැවිත් දමා තිබූ හිටපු පොලිස් පරීක්ෂක වරයෙකි.

උත්ගත තත්වය තුල පසුදින රැස්වූ ලෙස්ලි, කායා, මාස්ටර්, සංගෙ යන කන්ඩායම මේ අති ධාවනකාරී පමණ ඉක්මවූ ප්‍රචන්ඩ ක්‍රියාවන් වහාම මෙතැනින් නතර කල යුතුබව තදින් අවදාරනය කර සිටියහ. මෙහිදී කායා “අප සියල්ල සිටින්නේ අත් අඩංගුවේ බව අමතක නොකල යුතු බවත් මින් මනත එවන් ප්‍රචන්ඩ ක්‍රියාවන් කඳවුර තුල සිදුවිය යුතු නැති බවත්” තදින් කියා සිටියේය.

ඉන් පසු කායාගේ තද ප්‍රකාශය අබිබවා කිසිදු රැඳවියෙකු කටයුතු කරනු නොපෙනින.

මේ පහරදීම් සම්බන්දව ලෙස්ලි අයියා පසුව මෙසේ අදහස් දැක්විය. පසුගාමී සමාජයක් තුල ඇතිවන ඕනෑම ප්‍රචන්ඩ අරගලයක් අවසානයේ බොහෝ විට මෙසේ වගකීම් විරහිත තත්වයකට පත්වීමේ වැඩි ඉඩකඩක් ඇතිබව ඔහු පැවසීය. එසේම අවසානයේ උත්කර්ෂයට නැංවෙන එවන් ප්‍රචන්ඩ ජනප්‍රියවාදයන් එය නිර්මාණය කල උන්ට පවා පාලනය කරගත නොහැකි මොහොතකට එළඹිය හැකි බව ඔහු අවදාරනය කලේය. ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු කලාප පුරා ඇතිවු බොහෝ සන්නද්ධ අරගලවල ඉරණම එයවූ බවද ඔහු පැවසීය. එවන් ප්‍රචන්ඩ ආබාශයන් චක්‍රයක් ලෙස සමාජයකට දීර්ඝ කාලීන හානි සිදුකරන බව ඔහු තමන් විසින් සමීක්ෂණය කරන ලද දෑ ලෙස අපට ගෙනහැර දැක්විය.

එසේම කඳවුරේ රැඳවියන් තුල නිද්‍රාගතව තිබූ සටන්කාමී ගුණය අවදිකරමින් ඒවා ප්‍රසස්ථ ලෙස පාලනය කරමින් එවා යහපත් දිශාවකට මෙහෙය වීමට දායකවූවන් අතර ලෙස්ලි අයියා ද, කායා ද ප්‍රමුඛ ස්තාතානයක් ගෙන තිබින. නමුත් ලෙසලි වැනි ඇසූ පිරූ තැන් ඇති ජේෂ්ඨ වාමාංශිකයන් පසු කාලයක (ඔවුන් මියයන තුරුම) පක්ෂ දේශපාලනයේ ක්‍රියාකාරීන් ලෙස පෙනෙන්නට සිටියේ නැත.

එසේම මොනයම් හෝ හේතුවක් මත කායා වැනි දක්ෂ බුද්ධිමත් සංවිධායකයන්ද සදහටම රට හැරගියා මිසක පසු කාලයක ක්‍රයාකාරී දේශපාලන පිටියේ පෙනෙන්නට සිටියේ නැත.

කෙසේ හෝ මේ සිද්දින් සම්බන්දව පරිපාලනය වෙතින් රැඳවියන්ට දැඩි මර්ධනයක් පැමිනෙතැයි මා සිතූ නමුත් පරිපාලනය වෙතින් එවන් විශේෂ මර්දනයක් පැමිණියේද නැත, ඒ වෙනුවට පරිපාලනය වෙතින් රැඳවියන්ට එල්ලවී තිබූ ඇතැම් බලපෑම් එතැන් සිට මගහැරී යන්නට විය. එයට හේතුවන්නට ඇත්තේ රටේ දේශපාලන තත්වය ඒ වන විට සාමාන්‍ය තත්වට හැරෙමින් තිබීම යැයි මා දැන් අනුමාන කරමි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan