අද පාර්ලිමේන්තුවේදී ජනපතිවරයා නොසලකා හැරීමට “නිදහස” තීරණය කරයි!

Date:

අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුවේ වාර අවසාන කොට, නව සැසිවාරය විවෘත කිරීමට බව පවසා අද (8 ) දින පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගරු කරමින් නොසලකා කටයුතු කළ යුතු යැයි නිදහස ජනතා සභාවේ විධායක සභාව ඒකමතිකව තීරණය කළේය.

එම තීරණයට පදනම් වූ මූලික කරුණු පහකි. (05).

1, රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස පත් ව ගතවූ මාස හයෙන් (06) පහක් (05) තුල දී දෙවතාවක්ම වාර අවසන් කරමින් සමස්ත පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අගරු කරමින් අකර්මණ්‍ය කිරීම.

2, හැත්තෑපස් වසරක (75) අප පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට, ජාතික මැතිවරණයක් පවතින කාල වකවානුවක් මධ්‍යයේ මෙන්ම ජාතික නිදහස් සැමරුම මධ්‍යයේ වාර අවසන් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යයේ කේන්ද්‍රස්ථානය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය නොසලකා හැරීම.

3, බිළිඳුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් ජීවත්වීම සඳහා අරගල කරනු ලබන අතිශය දුෂ්කර පරිසරයක, දරුවන්ට අධ්‍යාපනය කොන්දේසියක් ව ගිලනුන්ට ප්‍රතිකාර කොන්දේසියක් ව රාජ්‍ය සේවකයාට වැටුප කොන්දේසියක් ව බුද්ධිමතුන්ට හා ශ්‍රමිකයින්ට බදු කොන්දේසියක්ව සහ ව්‍යවසායකයින්ට ආයෝජනය කොන්දේසියක් ව දැඩි ලෙස බාධාකාරී ව පවතින වකවානුවක අතිශය අසංවේදීව සහ උද්දච්ච ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම.

4, පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා ඉතාමත් දුෂ්ට සහගත කුමන්ත්‍රණ අඛණ්ඩව සිදු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය දඩයම් කිරීමේ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ලේ පිපාසිත උත්සාහයන්ට එරෙහි වීම.

5, ජනතාව ප්‍රතික්ෂේප කරනු ලබන චෞර පාලන සංස්කෘතියේ අවිච්ජින්න පැවැත්ම සඳහා චකිතයකින් තොරව ම පෙනී සිටීම.

ඉහත මූලික කරුණු පදනම් කර ගනිමින් රාජ්‍ය නායකයා ප්‍රමුඛ ආණ්ඩුවේ වත්මන් ප්‍රතිපත්තීන් ඊට උරුම පිළිකුලෙන් යුතුව බැහැර කිරීම සඳහා අද (08) දිනයේ පාර්මේන්තු තුළ දී ඔහු නොසලකා හැරීමට තීරණය කර ඇති බව ඩලස් අලහපෙරුම මහතා ඇතුළු නිදහස ජනතා සභාව තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...