*
Friday, April 19, 2024
spot_img

Latest Posts

සුන්බුන් අතරින් ඇසෙන තුර්කියේ හා සිරියාවේ අඳෝනාව; මරණ සංඛ්‍යාව 8,000ට ආසන්න වේ.

පසුගිය සඳුදා අලුයම 4.17‌ට තුර්කියේ Kahramanmaras පළාතේ Pazarcik දිස්ත්‍රික්කයේ ඇතිවූ රිෂ්ටමාපකාංග 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හා ඉන් අනතුරුව ඇතිවූ රිෂ්ටමාපකාංග 7.5 ක දෙවන භූ කම්පනය හා පසු කම්පන 243කට මුහුණ දෙනු ලැබූ තුර්කියේ හා සිරියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව තුර්කියේ අවම වශයෙන් මරණ 5,434 ක් වාර්තා වී ඇති අතර සිරියාවේ පුද්ගලයින් 1,832 ක් මියගොස් තිබේ. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත. AFAD ඒජන්සියේ ප්‍රධානියා වන යුනුස් සේසර් පැවසුවේ තුර්කියේ තවත් 15,384 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 6,217 ක් කඩා වැටී ඇති බවයි.

විපතට පත් ප්‍රදේශවල ගලවාගැනීමේ සේවකයින් 16,400 ක් ක්‍රියාකාරීව සිටින අතර තවමත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පැවසේ. මේවන විට බලපා ඇති වර්ෂාව හා හිම පතනයත් අධික සීතලත් හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් අසීරුව ඇති බව පැවසේ. ඒ අනුව ඉදිරියේදී මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය උපකල්පනය කර ඇත්තේ භූ කම්පන හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ යනු ඇති බවත්, එහි බලපෑම මිලියන 23ක ජනතාවකට බලපානු ඇති බවත්ය.

තුර්කිය ලෝකයේ වඩාත්ම සක්‍රීය භූමිකම්පා කලාපයක පිහිටා ඇති අතර සඳුදා බලපෑ 7.8ක භූ කම්පනය 1999 න් පසු රටට බලපෑ බලවත්ම භූමිකම්පාව වේ.

1999 අගෝස්තු මාසයේදී, තුර්කියේ විශාලතම නගරය වන ඉස්තාන්බුල්ට දකුණින් ජනාකීර්ණ ප්‍රදේශයක් වන මාමාරා තත්ත්පර 45 ක කාලයක් කම්පනයට පත් වූ අතර මෙමඟින් වාර්තා වූ නිල මරණ සංඛ්‍යාව 17,500ක් ලෙස සැලකේ.

සශිකලා මධුෂාණී_

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan