*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට පැරිස් ක්ලබ් සාමාජිකයන්ගෙන් නොමද සහය

‘පැරිස් ක්ලබ්’ සාමාජිකයන් සමඟ සවුදි අරාබිය හා ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ණය අර්බුදය නිරාකරණයට සහ ණය ස්ථායීතාව ඇති කිරීමට තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට කැපවීමෙන් සහයෝගය ලබා දෙන බවට පසුගියදා පැවති ‘පැරිස් ක්ලබ්’ සමුළුවේදී එකඟ වූහ. ශ්‍රී ලංකාවේ නිල ණය පාර්ශ්වකරුවකු වන චීනයටද මේ සඳහා අයි.එම්.එෆ්. ප්‍රමිති රාමුවට අනුගතව ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙස ‘පැරිස් ක්ලබ්’ සාමාජිකයෝ මේ සමුළුවේදී ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකාවට ණය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය සහාය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ‘පැරිස් ක්ලබ්’ ඉකුත් ජනවාරි 25 වැනිදා රැස් වූ අවස්ථාවේදී මේ තීරණය ගෙන තිබේ. ‘පැරිස් ක්ලබ්’ අනුග්‍රාහකයන්ගේ මේ රැස්වීමට හංගේරියාව, සවුදි අරාබිය, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල, ඉන්දියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව යන ආයතනවල නියෝජිතයෝද එක් වූහ. ඒ අනුව මෙරට ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත් කිරීමට අයි.එම්.එෆ්. සංවිධානය ගෙන යන වැඩපිළිවෙළට මේ නියෝජිතයන් සහයෝගය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය තත්ත්වය මේ සමුළුවේදී ඔවුන් අධීක්ෂණය කළ අතර දිගුකාලීන ණය ගෙවීම මෙහිදී අවධානයට ලක් විය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ණය හිමිකරුවන් සඳහා ‘පැරිස් ක්ලබ්’ සමාජිකයන් මෙන්ම හංගේරියාව සවුදි අරාබිය හා ඉන්දියාවද අදළ පාර්ශ්ව සඳහා සහයෝගය ලබා දීමටද කැමැත්ත පළ කර තිබේ.

මෙහිදී ආර්ථිකය මෙන්ම ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සම්බන්ධයෙන් ණය හිමිකරුවන් අලුත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ආර්ථික පිළිවෙත ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ශ්‍රී ලංකාව මෙහිදී පැහැදිලි කර දුන්නේය. දිගු කරන ලද මූල්‍ය සහයෝගීතා පදනමක් මත ශ්‍රී ලංකාවේ ණය සඳහා මාස 48ක සහයෝගිතා කාලයක් ලබා දීමට 2022 සැප්තැම්බරයේ ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගී එකඟතාවක් ඇති කර ගැණිනි.

පැරිස් සමුළුව 1956දී පිහිටුවන ලද අතර ණයකාර රටවල මූල්‍ය අර්බුද හා ආර්ථික අසීරුතා සලකා බලමින් ණය හිමිකරුවන් සමඟ ණය සහයෝගිතාව පවත්වා ගැනීමට ආධාර දීම පැරිස් සමුළුවේ කාර්යභාරය වේ. ජපානය ප්‍රංසය, කොරියාව, ජර්මනිය, අමෙරිකාව ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, රුසියාව, ස්වීඩනය, කැනඩාව, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය හා බෙල්ජියම හා ඔස්ට්‍රියාව මෙහි සාමාජික රටවල්ය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan