පොළීසිය සහ මහා සංඝරත්නය අතර උණුසුම් තත්ත්වයක් ..

Date:

මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද(08) පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත. එසේ වූයේ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමගය. 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මෙසේ විරෝධතා පෙළපාලිය සංවිධානය කර ඇත.

13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කරමින් පාර්ලිමේන්තු මාර්ගය දෙසට ගමන් කරමින් සිටියදී මෙසේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...