*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යෝජිත සංශෝධන මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන ප්‍රගතිශීලී පියවරක්

ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වත්මන් පනත සඳහා යෝජිත සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තහවුරු කොට ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමඉහළ නැංවීම සහ ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රගතිශීලී පියවරකි

ශ්‍රී ලංකා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වත්මන් පනත (PTA) සංශෝධනය කිරීම සඳහා වූ යෝජිත පනත් කෙටුම්පත, නීතියක් බවට පත් වූ පසුව, එය ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වත්මන් පනත සංශෝධනය කරනු ලබන ශුභදායක නීති සම්පාදනයක් බවට පත් වනු ඇත. නීතිගත කොට වසර 43 කට ආසන්න කාලයක් ගත වූ පසුව සංශෝධනය වන මෙම පනත, එකී නීතියට යටත්වන පුද්ගලයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තහවුරු කොට ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ඉහළ නැංවීම සහ ආරක්ෂා කිරීම සඳහා ස්පෘෂ්‍ය සුරක්ෂිත බවක් ලබා දෙන වඩාත්ම ප්‍රගතිශීලී පියවර බවට පත්වනු ඇත.

යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ දැඩි විරෝධය හමුවේ, ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත හරහා ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වත්මන් පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය කාලයේ දී දැරූ ප්‍රයත්න සාර්ථක වූයේ නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධන අවසන් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය සඳහා, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිතුමා, විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා 2021 වසරේ ජූනි මාසයේ දී 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීම යන මැයෙන් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඇතුළත් වේ. තවද, අනෙකුත් කරුණු අතර, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන්නේද නැද්ද යන්න හෝ නව නීතියක් හඳුන්වා දෙන්නේ ද යන්න තීරණය කිරීම, ආරක්ෂක, විදේශ කටයුතු, අධිකරණ සහ මහජන ආරක්ෂාව යන අමාත්‍යංශවල නියෝජිතයන්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීම සහ නිර්දේශ සහිත වාර්තාවක් මාස තුනක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවට බලය පැවරීම යනාදිය සඳහා අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමාට බලය පවරමින්, ඉහත සඳහන් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව, 2021 ජූනි මස 21 වැනි දින අමාත්‍ය මණ්ඩලයීය අනුමැතිය ලබා දෙන ලදී.

මෙම කැබිනට් අනුමැතිය ලබා දීමෙන් පසුව, ජනාධිපති ලේකම්වරයා විසින් 2021 වසරේ ජූනි මාසයේ දී අධිකරණ, මහජන ආරක්ෂාව, විදේශ කටයුතු සහ ආරක්ෂක යන අමාත්‍යංශවල නිලධාරීන් මෙන්ම පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සහ ජාතික බුද්ධි ප්‍රධානීතුමා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක් පත් කරන ලදී.

තවද, මෙම නිලධාරීන්ගේ කමිටුවේ සන්දර්භය තුළ විවිධ අමාත්‍යංශ සහ නියෝජිතායතන අතර පුළුල් උපදේශන පැවැත්වූ අතර, එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් අතිරේක ආයතන හරහා වැඩිදුර විශේෂඥ දැනුමක් ලබාගන්නා ලදී.

නිලධාරීන්ගේ කමිටුවේ නිර්දේශ සමාලෝචනය කිරීම සඳහා 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩලයීය අනු කමිටුව විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, එම නිලධාරි කමිටු වාර්තාව 2021 නොවැම්බර් 15වැනි දින ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා  සහ අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටු සාමාජිකයින් වෙත ඉදිරිපත් කරන ලදී.

නිලධාරීන්ගේ කමිටුවේ යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලයීය අනුකමිටුව, තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අනෙකුත් රාජ්‍ය ආයතන සහ විශේෂඥයින් සමඟ වැඩිදුර උපදේශන පැවැත්වී ය. කැබිනට් අනුකමිටුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ සිවිල් සමාජ කණ්ඩායම් සමඟ ද සාකච්ඡා පැවැත්වී ය. වාචික සහ ලිඛිත ඉදිරිපත් කිරීම් මගින් මේ පිළිබඳව සලකා බැලීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇත.

මෙම ක්‍රියාවලිය අවසානයේ දී, කැබිනට් අනුකමිටුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත සංශෝධන නිම කෙරුණු අතර, යෝජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමටත්, ඉන් අනතුරුව ඊට අනුමැතිය ලබා දීම සඳහා පාර්ලිමේන්තුව තුළ සභාගත කිරීමටත්, 2022 ජනවාරි 24 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. රැඳවුම් කාල සීමාව අඩු කිරීම, වධහිංසා පැමිණවීමේ චෝදනා විසඳීම සහ බැහැර කිරීම සඳහා, රඳවා තබාගෙන සිටින සැකකරුවන් සිටින රැඳවුම් ස්ථානවලට පැමිණීම සඳහා මහේස්ත්‍රාත්වරයාට පැහැදිලිවම බලය පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින පනත් පිළිබඳ අධිකරණ සමාලෝචනය ප්‍රකාශ කිරීම, නීතීඥවරුන්ට රක්ෂිත බන්ධනාගාරයේ සිටින හෝ රඳවාගෙන සිටින පුද්ගලයෙකු හමුවීම සඳහා අවස්ථාව සැලසීම සහ එසේ රක්ෂිත බන්ධනාගාරගතව හෝ රඳවාගෙන සිටින පුද්ගලයෙකුට සිය ඥාතීන් සමඟ සන්නිවේදනය කිරීමට ඇති අයිතිය, ප්‍රකාශන තහනම් කිරීම සම්බන්ධයෙන් පවත්නා විධිවිධාන අවලංගු කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් දිනපතා නඩු විභාග පැවැත්වීම, නඩු විභාග පැවැත්වීම කඩිනමින් සිදු කිරීම තහවුරු කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගතව හෝ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන්ට ඇප ලබාදීමට ප්‍රතිපාදන සැලසීම සඳහා 15ආ නමින් නව  වගන්තියක් හඳුන්වාදීම වේ.

මෙම පනත් කෙටුම්පත 2022 ජනවාරි 27 වැනි දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලදී. ඉන් අනතුරුව, කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයා වන විදේශ අමාත්‍යවරයා, මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ සභානායකවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත 1979 වසරේ ජුලි 24 වැනි දින පාර්ලිමේන්තුවේ දී සහතික කළ දින පටන් ක්‍රියාත්මක වන අතර, 1982 සහ 1988 යන වර්ෂවල දී එය සුළු සංශෝධනවලට ලක් වූ බව සඳහන් කළ හැකි ය.

එබැවින්, පුළුල් සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සකස් කරන ලද මෙම සංශෝධනය, එකී නීතිය යටතේ විමර්ශනයට සහ අධිකරණ සමාලෝචනයට යටත්ව සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ඉහළ නැංවීම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රගතිශීලී පියවරක් වන අතර, ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර තලයේ විශිෂ්ට පරිචයන් බලාත්මක කිරීම සාක්ෂාත් කරගැනීම සඳහා ඉවහල් වන වැදගත් පියවරක් ද වේ.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 07 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan