පරිසර ඇමති ධුරය ජනපති යටතට ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

0
146

පරිසර අමාත්‍ය ධුරය තමන් යටතේම තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ද අදහස් විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම අමාත්‍ය ධුරය පුරප්පාඩු වී පැවතිණි.

RN