*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රසංගය හෙට (09) යාපනයේදී!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): යාපනයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයට සහභාගීවීම සඳහා ඉන්දීය ජනප්‍රිය නිළි විජය ලක්ෂ්මී යාඩි නොහොත් රම්බා ඇතුළු පිරිසක් යාපනයට පැමිණියහ. ඒ ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනයක් බව පැවසේ.

ඉන්දීය සුපිරි ගායක හරිහරන් ද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පැමිණි අතර ඊයේ(07) මේ පිරිස යාපනයේ සංස්කෘතික පදනමේ පිරිස් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී මේ ප්‍රසංගය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් යාපනයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රසංගය හෙටට (09) කල් දමනු ලැබීය.

එම ප්‍රසංගය යාපනයේ මුත්තවේලී ක්‍රීඩාංගණයේදී හෙට (09) පැවැත්වෙන අතර, ඉන් පසුවද යාපනයේ ස්ථාන කීපයකදී ප්‍රසංග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. මේ ප්‍රසංගයට සහභාගි වීම සඳහා ඉන්දීය නළු නිළියන් හා ගායක ගායිකාවන් රැසක්ම ඉදිරි දිනවල යාපනයට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan