*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ඔබට කොච්චර දුර පේනවද කාලිඩ්ගෙන් අහල මැන ගන්න

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 08 කොළඹ (LNW): හෝරාවක් ඉක්මවා ගිය කාලය ජීවිතයක් තරම් දිගට හිතන්නට බොහෝ දේ ඉතුරු කර තිබිණි.ඒ ඉතුරු කරගත් දේ සපුරා අකුරු කරන්නට දුෂ්කරය.සමහර දේට අකුරු නැත.බර හැඟීම්ය.හදවත මත කුළුගෙඩි පහර අත අරින තරමට දැඬිය.කාලීඩ් උස්මාන් වචන අරඹන්නේම මගේ පැත්තෙන් එන වචනවලට සීමාවක් පනවා,ඔහුව අසා සිටින්නට පොළඹවමින්ය.


“මං අවුරුදු 27 ක් ඇස් පෙණුන කෙනෙක්.”


ඔහු ඇස් නොපෙනෙන කෙනෙක් හැටියට උකහා ගත් ක්‍රීඩා ජයග්‍රහණයන්හී සමරු සටහන් සිහි කරන්නට මත්තෙන් ඒ අන්ධභාවය ඔහු සොයා ඒම සහ ඒ තත්ත්වයට අවුරුදු 27 ට පස්සෙ හුරුවීමේ අපහසුව ගැන සිතා ගන්නට ඉඩ තබමින්ය.


ප්‍රතිකාරවල වැරදීමක්.”
ලෝකය දකිමින් හිටිය කෙනෙකුට පෙනීම අහිමි කිරීමේ වගකීම හෝ ඊට දඬුවම ගැන අප නොවිමසුවෙමු.ඒ කම්පනය අත් වැරදි සිඳුවීමේ සියළු දායකත්වයන්ට නො’අඩුව ලැබෙනු ඇත. හෘද සාක්ෂියක් ඇති අයෙකුට ඒ ආත්මීය වේදනාව යළි යළිත් ස්මරණය වීමම දඬුවමක්මය.


එහෙත් මේ වන විට ඔහුට පෙණුන අවධියේදීවත් නොසැළකූ තරම් ආදර්ශයක් සහ ගෞරවයක් වී තිබෙන සිය ජීවිතය ගැන සිහිනයකින්වත් නොසිතුණු මුල්ම මොහොත, තමන්ගේ පෙණීම අන්ධභාවය දක්වා වෙනස් වී ඇති බව දැණුන විට ඔහු කරන්නට ඇත්තේ කුමක්ද?


බොරු නෙමෙයි මට හිතුණෙ මැරෙන්න.මම තුන්පාරක් ඒකට ට්‍රයි කළා.”


එහෙත් ඉනික්බිති සිය සිතුවිලි වෙනස් කරන්නට යහපත් විිදිහට බලපෑම් ඇති කරන්නේ සිය ඥාතියෙක් වූ,අමානා බැංකුවේ ඉහළ නිලයක් දරණ සිද්දික් ය.2013 දී මේ සිඳුවීමට මුහුණ දීමෙන් ඉනික්බිති මරණය සොයමින් සිය කුටියෙන් පිටතට නො’එමින් කඳුළු වගුරවමින් සිටි කාලිඩ් ඇස් නොපෙනෙන මොහොතට පිවිසෙන තෙක්ම ශ්‍රී ලංකා රතු කුරුසයේ සේවය කර ඇත.විවිධ වගකීම් දරමින්,විවිධ පුහුණු ලබමින් ජීවිතයට අදටත් බොහෝ සේ වටික දේ උගත් ඔහු දෑස නොපෙනෙන තැනට පත්වන විට රතු කරුසයේ පළමු මට්ටමේ ප්‍රථමාධාර සම්බන්ධිකාරකයෙකු ලෙස සේවය කරමින් සිටියේය.


“මට ඉස්සෙල්ලම මේ ජීවිතේට හුරු වෙන්න කරපු පාඨමාලාව ඇතුලෙ ලැබුණ අවස්ථාව වසරක් දෙකක් ගිහිං අවසන් කරන්න ඕනි එකක් වුණත්,මම ඒක සතියෙන් ඉවර කළා.සමහර විට මගෙ මතකය ඒකට වැදගත් වෙන්නත් ඇති.”


කාලිඩ් සිය අලුත් ජීවිතයට පිවිසි මුල්ම මොහොතේම මේ සමාජය වෙනස් අවශ්‍යයතාවයන් සහිත ප්‍රජාව සම්බන්ධයෙන් දක්වන සැළකිල්ල,ඔවුන් කෙරෙහි ඇති කරන පීඩනය හොඳින් අත් විඳ ඇත.
“අර අන්ධ එක්කෙනා” ලෙස බොහෝ තැන්වන සිය දුබලතාවය විශේෂ කොට සළකද්දී කාලිඩ් දුකටත්,වේදනාවටත් පත්විය.ඔහු හැකි සෑම දෙයම ඉක්මණින් ඉක්මණින් හදාරමින් රැකියාවකට අවශ්‍යය සුදුසුකම් සපුරා ගන්නට විය.පහසු නැතත්,ආබාධිත නිසාම කුසලතාවය නොසළකා හරින සමාජ තත්ත්වය ගැන අවබෝධයක් තිබුණත්, කාලිඩ් උත්සාහ කළේ සිය සුදුසුකම් ජීවනෝපායකට ගැලපෙන පරිදි තව තවත් පෝෂණය කර ගන්නටය.ඇතැම් තැනෙක අවශ්‍යය ඉහළම සුදුසුකම තිබුණත් ඇස් නොපෙනීම නුසුදුසුකමක් විය.පෙණුම නොපෙණුම සුදුසුකම් අතර නොතිබුණත් රටේ ඒවා ලියාපදිංචි නොසළකා හැැරීම්ය.එවැනි තත්ත්වයක කාලිඩ්ගේ හැකියාවට අත දෙන්නට ඇමෙරිකානු සමාගමක් ඉදිරිපත් විය.එහි පෙරට යන්නට ද අත දීමක් විය.


ඒ පිළිගැනීමත් සමඟ කාලිඩ් එහි ගෙවූ ගෙූරවණීය කාලය වසර පහකි.ඒ අතර ඔහු මිතන්නට පටන් ගන්නේ මේ සමාජයේ ආකල්ප වෙනස් වීමට අනුකම්පාවට වඩා අදහසක් සමාජය තුළ දෘෂ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් ඇති කරන්නට යමක් කර පෙන්විය යුතු බවය.එහි පලයක් ලෙස දැනට අවුරුදු 11 ක් පිරාවට ඔහු රොටරි සමාජය සමඟ එක්ව ආධාර සොයන මාර්ග ධාවන තරගවලට දායකත්වය දෙන්නේය.
ඒ වගේම සමාජයේ අඳ භාවය ඇති විය හැකි ග්ලූකෝමා තත්ත්වයට පත්වන ප්‍රමානයේ වැඩිවීමක් දකින්නට ලැබීම කාලිඩ්ගේ අවධානයට ලක් විය.මීට එක් හේතුවක් වන්නේ රෝගය වළක්වා ගැනීමට හැකි ශල්‍යකර්මවලට යන වියදම් පියවා ගැනීමට නොහැකියාව මෙන්ම ඒවා ව්‍යාප්තව නැති වීමය.සෞඛ්‍ය අමාත්‍යංහයේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය පාලිත මහීපාල සිටින අවධියේ එවැනි ජංගම ශල්‍යාගාරයක් වෙනුවෙන් ආධාර සොයන ව්‍යාපෘතියකට ද කාලිඩ් සිය පා මෙහෙය වූයේය.
යාපනයේ සිට මාතරට ආ පිළිකා රෝහලක් සඳහා වන පා ගමනට ද කාලිඩ් සහභාගි වී ඇත.එහිදි ඔහුට එම ආරාධනය එන්නේ මාස් සමූහ ව්‍යාපාරයේ ශරින්ද උනම්බුව,නාදන් වැනි ඉහළ නිලධාරීන්ගේ හිතවත්කම මතය.


“ම එක්ක දිගටම හිටියෙ මහේල අයියා.සංඝා අයියත් හිටියා.ඒ වගෙම ඩයන් ගෝමස් කියන මාස් ව්‍යාපාරය වෙනුවෙන් ඇවිත් හිටිය ඉහළ නිලධාරියා සමගත් මම බොහොම සමීපව ඒ පා ගමණෙ කතා කළා ඇවිද්ද”


කාලිඩ් අද බොක්සිං රන් පදක්කමක් ලංකාවට ගෙනාවට පසුව ඩයන්ව නැවත හමුවීමේ උනන්දුවෙන් පසුවෙයි.ඒ කාලයේ එක් වරක් කාලිඩ්ට ඒ පා ගමණෙන් දින කිහිපයක් ඉවතට යන්න වන්නේ ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තෝරන තේරීම්වලට සහභාගි වන්නටය.ඒ ඔහු නොදුටු දින කහිපය ගැන නැවත ආ පසු මහේල කාලිඩ්ගෙන් ඇසූ විට ජාතික කණ්ඩායමේ නායකයා දෘශ්‍යෘබාධිත ක්‍රිකට් කණ්ඩායම තේරී ආ සිය ගමන් සඟයාට හදවතින්ම සුබ පතන්නේය.


ඕනි දේවල් එහෙම ඇහැව්වෙ නැද්ද”


ඒ සම්ප්‍රදායික ප්‍රශ්නය වැරදිද හැඟුණේ කාලිඩ් එය ගත් හැටියටය.
“ඒ වෙලාවෙ වෙනම ටාර්ගට් එකකනෙ හිටියෙ අපි.සුබ පැතුමට වඩා දෙයක් ඔළුවට එන්න නැතුව ඇති.ඒ වෙනකොට මට මගේ යාළුවො ක්‍රිකට් බඩු අරගෙන දීලා තිබුණෙ”


කාලිඩ් ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම නියෝජනයෙන් නොනැවතී තව තව මානයන් කරා ඇඳෙන වෙනත් මානයක සිට ලෝකය දකින පුද්ගලයෙකි.ඔහුට ඕනි දෘශ්‍යාබාධිතයා යනු අනුකම්පා කළ යුතු පුද්ගලයෙක් නොවන බව කියන්නටය.ඔහුගේ සීමාවන් පුළුල් කර පෙන්වන්නටය.එසේම සිය හැකියාවන්ගේ දායකත්වය රට වෙනුවෙන් ලබා දෙන්නටය.


වරෙක ඔහු ජුලියන් බෝලිංව මුණ ගැසී ඔහුගේ උපකාරය අනුව පිහිනයි.පාරේ දුවයි.පාපැදි පදියි.මේ සියල්ල එකතු කර වැඩක් කරන්නට හැකි තැනක් ඔහුට පවසන්නේ මිත්‍ර හමුදා මේජර්වරයෙක්ය.ඒ අයන් මෑන් තරගය ය.අද ඔහුගේ ප්‍රධානම අවධානය යොමු වී ඇත්තේ අයන් මෑන් තරගය වෙතය.
“කිලෝ මීටර් 2 ක් පීනන්න,කිලෝ මීටර් 90 ක් සයිකල් පදින්න,කිලෝ මීටර් 21 ක් දුවන්න.ඇත්තටම මේ කතාව කිව්වම මං හා කියලා ආවට පස්සෙ තමයි දැන ගත්තෙ සයිකලය කිලෝ මීටර් 90 ක් පදින්න ඕනි කියලා.මට ඒක ඒ වෙලාවෙ ඇහුණෙ නයින්ටි නෙමෙයි නයින්ටීන් හැටියට.ඒත් භාරගත්තු එක කරන්න ඕනිනෙ.මම පස්සෙ බැහැ කිව්වෙ නැහැ.”


කාලිඩ් ට හමුවන පළමුු පුහුණුකරු වූයේ ප්‍රංශ ජාතික ඩෙනිස් ක්‍රශියර් ය.මුලදී මේ අභියෝගාත්මක වැඩේ ගැන ඔහුට කැමත්තක් ඇති වී නැත.එහෙත් කාලිඩ් පසුව ඔහු සමඟ එකඟතාවයක් ඇති කර ගෙන ඇත.
“වැඩේදි මම ක්‍රීඩකයා ඔහු පුහුණුකරු.වැඩේ වෘත්තිමය විදිහට වෙන්න ඕනි.මාව එක්ක යන්නෙ ඔහුමයි.ඒත් කියපු වෙලාවට නැත්නම් ඔහු ඉන්නෙ නැහැ ගියා.මේ අනුකම්පා කිරීම වෙනුවට විනයක් ඇතිව වැඩ කිරීම තමයි මම දැක්ක හොඳම දේ.අනික මං කිසිම වෙලාවක අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.මට වැඩ කරන්න පහසුකම් සහ පිළිගැනීමක් තියෙන සමාජයක් තිබුණම ඇති.”


ඔහු පිහිනීමේදී උපකාරයට මඟ පෙන්වන්නෙක්ගේ සහය ලබා ගන්නේය.එහිදී ඇතිවන රසවත් සිදුවීම් ද නැත්තේ නොවේ.බොහෝ වෙලාවට අයන් මෑන් තරගයේදී කාලිඩ් තරග කරන්නේ ඇස් පෙනෙන අය සමඟය.කාලිඩ් ඔවුන් අතර තමන්ගේ නොපෙනීම පෙන්නා වෙනම ආකර්ශණයක් හදාගන්න ද නොයන්නේය.වරක් ගෝවෙ පැවති තරගයකදී මග පෙන්වන්නා ඔවුන් දෙදෙනා මැදින් පැන පිහිනූ ඉන්දීය පිහිණුම්කරුවෙක් සමඟ සටනකය.කාලිඩ් හුදෙකලාව මඟ නොදැන මුහුදේය.පසුව මඟ පෙන්වන්නාට පළමුව තරගය බව සිහි කර සිත නිවා ඉදිරියට පිහිනා ඇත.
“මම ෆුල් මැරතන් 4 ක් දුවලා තියෙනවා”
ඒ ඔහුගේ ක්‍රීඩා හැකියාව සහ උනන්දුවේ තවත් පෙදෙසකි.කිලෝ මීටර් 42 ක් ඉක්මවන ඒ දුර සඳහා දැනට ඔහු ගත කර ඇති හොඳම කාලය වන්නේ පැව 4:15 කි.
“තව කාලය හොඳ කර ගන්න ඕනි.මං ලංකාවේ තියෙන කළම්ඹු මැරතන් එක වගේම පැරිසියෙත් දුවලා තියෙනවා.”


ඊට පස්සෙ තමයි මට බ්ලයින්ඩ් බොක්සිං ගැන දැන ගන්න ලැබෙන්නෙ.ඒ වෙලාවෙ මම දැනට වැඩ කරන ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනයෙ මිත්‍රයෙක් ඉදිරිපත් වෙලා මට නුවන් අය්යාව මුණ ගස්සනවා.මම කටුනායක වැඩ කරලා කොටුව වයිඑම්සීඒ එකට එන්න පටන් ගන්නෙ එතැන ඉදලයි”
කාලිඩ් සොයා එන්නට ආසන්නම හේතුව ඔහු ලද බොක්සිං ජයය.ඉනදියාවේදී දිනා ගත් එම බොක්සිං රන් පදක්කම මෙන්ම ඔහු දෑස් පෙනෙන අය සහභාගි වූ කිමී 5 තරගයෙන් රිදී පදක්කමක්ද දිනා ඇත.
“මට මේක අලුත් අත්දැකීමක් වුණා.අපි කරල බලමු කියලා තමයි මං කාලිඩ්ට කිව්වෙ.හැබැයි මෙයා හරියට කැපවෙනවා.මම මෙයාට මොනව හරි කරන්න කියලා ගියොත් ඒක නවත්තන වෙලාව ගැන හිතන්නෙ නැහැ.මම නැවත එනකම්ම ඒ දේ නොනවත්වා කරනවා.ඒ නිසා පුහුණුව ඕනිවටත් වැඩිය කරන කෙනෙක් හැටියට කාලිඩ් සුළු කාලයක් තුළ කරපු කැප කිරීම තමයි මේ රන් පදක්කමට හේතුව”

නුවන් ධනංජය නම් වූ පුහුණුකරු ඉදිරිපත් වී ජයග්‍රහණයේ පදනම පැහැදිළි කරන්නට විය.ඔහු පළපුරුදු පුහුණුකරුවෙක් බව සැබෑය.ඔහුගේ බොක්සිං ක්‍රීඩක ජීවිතයේ පුහුණුකරු වූ දොන් ලෙස්ලි ද පහසුවෙන් අමතක කළ නොහැකි නිර්භිත සහ ප්‍රතිපත්තිගරුක පුහුණුකරුවෙකි.නුවන් මේ අභියෝගයට මුහුණ දෙන්නට තීරණය කිරීම තුළ ඇත්තේම බොක්සිං පුහුණුවට වඩා දෙයක් ලෙස්ලි ඔහුට ඉතිරි කර ගිය බවට සාක්ෂිය.
“නුවන් අයිය අපි කරමු කිව්වා.මට හොඳ විශ්වාසයක් ඇති කරා.මේකෙදි හැබැයි වෙනස් කිසිම ශබ්දයක් ඇහෙන්න බැහැ.මොකද ඇස් පේන නැති අය ශබ්දය තමයි ඉව කරන්න ඕනි.සමහරවිට පුහුණුවෙදි ඒ තත්ත්වය සියයට සියයක් රැකෙන්නෙ නැහැ.ඇස් පේන අයගෙ බොක්සිං එක්ක තමයි මම ප්‍රැක්ටිස් කරන්නෙ.හැබැයි මම ඉතාම සියුම් විදිහට හරි අනුමානය ප්‍රහාරයේදී ගන්නෙ පේන කාලෙ ඉවත් එක්ක වෙන්න පුළුවන්.”


බ්ලයින්ඩ් බොක්සිංවලදී මුහුණට පහර එල්ල කිරිම තහනම්ය.අත් තබාගත යුතු සීමාවක් සැකසී ඇත්තේ අනෙකාගේ මුහුණ බේරීමටය.මේ තත්ත්වය තුළ උස සහ මිටි කියන සාධක මත පහර එල්ල කිරිම වෙනස් විය හැකිය.ඒවා සියල්ල සිතින් දැක මිණුම්ගත කර ගැනීම අවශ්‍යය වන්නේය.
“මා එක්ක තරග කරන්න හිටියා නේපාලය,භූතානය සහ ඉන්දියාවේ තුන් දෙනා.ෆයිනල් ආවෙ මමයි ඉන්දියන් එක් කෙනයි.එයාල හුඟක් අය කික් බොක්සිං ප්‍රගුණ කරලා තිබුණා.ඒත් මං ප්‍රශ්නයක් කර ගත්තෙ නැහැ.කියා දීපු විදිහට ටෙක්නික් යූස් කරා.මම මං හිතන්නෙ ඉතා හොඳින් ප්‍රතිවාදියා ඉන්න තැන හඳුනා ගත්තා.”
ඔහුට මේ රන් පදක්කමට පමණක් නොවුණු සිය ජීවිතය අල්ලාගෙන උස්සා තබා ගන්නට උපකාර කරන සමාජය වෙතම සිය ස්තූතිය පුද කළ යුතුව ඇත.අම්මා සහ තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාද මේ මොහොතේ තමන් සමඟ සිටින ත්‍රිභාෂනි සහ විනෝෂන් දෙදෙනාද සමඟ මේ ගමණට හයියක් වෙන සහ වුණු සියල්ලෝම කාලිඩ්ගේ ස්තූතියේ හිමිකරුවෝය.පුහුණුකරුවෝ සේවය කළ ආයතන,සමීපව වැඩ කරන පිරිස් මේ සියලු දෙනා අතරට වචනයකින් හෝ දිරිදුන් අයද සිය ස්තූති පත්‍රයේ සඳහන් කරන්නේ මහත් බැතියෙන්ය.එසේම කිසිවෙක් තමන් අධෛර්‍යමත් කරන්න උත්සාහ කරන්නේනම් එයද ශක්තියට පෙරළා ගැනීමේ සූත්‍රය දන්නේය.ඒ නිසා එසේ අපහසුවට,අධෛර්යයට පත් කරන්නට උත්සාහ කළ සියලු දෙනාද කාලිඩ්ගේ ස්තූති කළ යුතු ලේඛණයේම ඇත.


ඔහු නොසැලී හෙට තවත් අවස්ථාවන් සොයා ලෝකය පීරනු ඇත.ඒ හැම තැනකම ඔහුට ප්‍රේමණිය හැගීමක් ඇත.ඒ ලෝකයට ආදරෙයන් දෙයක් දෙන්නටය.තියෙන ක්‍රමයේම පලයක් ලෙස තමන්ගේ පෙනීම අහිමි වි ඇති මොහොතක,ඊට වග කියන්නට කිසිවෙක් නැති සමාජ වපසරියක ඔහු ජීවිතය කොයිතරම් සමාජ වගකීමකින් භාවිතා කළ හැකි ද යන්න පෙනෙන ලෝකයට පෙන්වා දෙමින් සිට්න්නේය.එහෙත් ගැටළුව ඒවා පෙනෙන්නට පැහැදිළි හදවතක් ද තිබිය යුතු වීමය.ඒ නිසා අපි ඔබට මේ සමාජය පේන දුර සහ පෙනිය යුතු දුර මැන ගන්න කාලිඩ්ගේ දැක්මෙන් මිම්මක් තනා ගන්නට ආරාධනා කරන්නෙමු.ඔහු පෙනෙන මානයෙන් නොපෙනෙන මානයට ආ දා සිට පෙණුන කාලයට දුටුවාට වඩා ලෝකය දැක තිබෙන බව ඔබට හැඟෙනු ඇත.ඔබ ඒ ලෝකය දෙස බලන්න.


කාලීඩි!
තව බොහෝ දේ කරන්නට ලෝකය මනසින් දකින ඔබට දීර්ඝායුෂ පතන්නෙමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan