*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

අනුරගේ ඉන්දියානු ගමන සහ මාලිමාවේ නවීකරණය

අනුර හා ඉන්දියානු විදේශ ඇමතිවරයා අතර හමුවීම තුලින් ගම්‍යවන්නේ මේ වන විට මාළිමාව ලංකාවේ ප්‍රධාන දේශපාලන දහරාවක් බවට පත් වෙමින් ඇති බවත් අසල්වැසි රටවල් වලට අනාගතයේදී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේදී මාළිමාව මගහැර යා නොහැකි සාධකයක් බවට පත්වෙමින් තිබෙන බවත් ය..

මේ හමුව සම්බන්දව ප්‍රතිවාදීන් ගේ කැම්පේන් එක වන්නේ ජ.වි.පෙ. පැරණි ඉන්දියන් විරෝධය වර්තමානය තුල ඇදගැනීමයි.. ඒතුල මාළිමාවට ගැසීමට පරණ කහළ ගොඩවල් හෑරීම හැර වෙන ගත යුත්තක් ඇතැයි මම නොසිතමි..

ඇත්තෙන්ම ඉතිහාසයේ පරණ භාවිතාවන් වල සදා එල්ලීසිටීම දියුණු දේශපාලන උපායමාර්ගයන් වන්නේ නැත.. ඒ අනුව ගත් කල මාළිමාව යනු ලාංකීය දේශපාලනය තුල මෑතකදී වේගයෙන් ප්‍රගතිගාමී ලෙස නවීකරණය වූ දේශපාලන බලවේගයක් ලෙස හැඳින්විය හැක..

මේ මොහොතේ අසල් වැසි ඉන්දියාව යනු ආර්ථික හා දේශපාලන වශයෙන් කීයටවත් අපට මග හැරයා හැකි සාධකයක් නොවේ.. ඒ අනුව මේ හමුවීම මාළිමාවේ දේශපාලන සැලැස්මේ දියුණු දිශානතියක් ලෙසත් එමෙන්ම ඒ සඳහා අනාගතයේදී ඉන්දියානු අත හිත ලැබෙන බවටත් වූ පූර්ව සංඥාවක් ලෙස ගත හැකිය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan