පාකිස්තාන මහමැතිවරණය ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 08 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට මිලියන සංඛ්‍යාත පකිස්ථානුවන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කරමින් සිටින බවද වාර්තා වේ.

ඉහළ යන උද්ධමනය, නැගී එන ප්‍රචණ්ඩත්වය හා වංචා දූෂණ මධ්‍යයේ නව රජයක් බලයට පත්කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඔවුන් මෙසේ දැඩි උනන්දුවකින් ඡන්දය භාවිතා කරන බව පැවසේ.

මෙම මැතිවරණය පැවත්වෙන්නේ , හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුවයි,

මේ අතර තුන් වතාවක් එරට අගමැති වූ නවාස් ෂරීෆ් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය මාධ්‍ය විකාශය කළා.

බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ මෙය පකිස්ථානයේ දූෂිතම මැතිවරණය බවයි.

ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පාකිස්තානයේ ජංගම දුරකථන සේවා ද අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

ඇමතුම් සහ දත්ත සේවා දෙකම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගෙන ඇති බවයි.

ඡන්ද විමසීමට දිනකට පෙර එනම් ඊයේ දිනයේදී බලුකිස්තාන් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් තිබුණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...