අමාත්‍ය ප්‍රමිත කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): අද (පෙබ 8) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව සඳහන් වේ,

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනු ලැබීමෙන් අනතුරුව, රාජ්‍ය අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාලයීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දකවා ඇත.

අනතුරුව විශ්වවිද්‍යාලයීය මූලස්ථාන සංකීර්ණය වෙත පැමිණී අමාත්‍ය තෙන්නකෝන්, එහිදී විශ්වවිද්‍යාලයීය බලධාරීන් සමඟ සුහද කතාබහක ද නිරත වූ අතර, නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක හා පරිපාලන) විසින් මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී විශ්වවිද්‍යාලයීය කටයුතු වල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන අධ්‍යාපනික සේවාවන් වැඩිදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ප්‍රාදේශීය තරුණ ප්‍රජාවට නව අධ්‍යාපන මංපෙත් විවර කෙරෙන ව්‍යායාමයේ තවත් එක් කොටසක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ නව මණ්ඩපයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. මෙම මණ්ඩපයේ ශාඛාවක් ‘City College of Technology’ නමින් දඹුල්ලේ පිහිටුවීමට නියමිත බැවින් එහි ප්‍රගතිය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයාව දැනුවත් කළ බව සඳහන්වේ.

එම සාකච්ජාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම දැනට එම විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරන දෙස් විදෙස් සිසුන් සහ කැඩෙට් නිලධාරීන් සමග ද සුහද කතාබහක නිරත වූ බවද සඳහන් වේ.

එමෙන්ම අමාත්‍යවරයා විශ්වවිද්‍යාලිය මූලස්ථාන නිලධාරීන් සහ පීඨාධිපතිවරුන් සමඟ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨ, කෞතුකාගාරය සහ නව ශ්‍රවණාගාර භූමියේ ඉදිකිරීම් පරිශ්‍රවල නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත ව ඇත.

නිල සංචාරය අවසන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වවිද්‍යාලයේ අමුත්තන්ගේ පොතට සමරු සටහනක් ද එක් කරන ලද අතර, මෙම සංචාරයේ වැදගත්කම සනිටුහන් කරමින් උපකුලපතිවරයා සමඟ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...