ගෝල්ෆේස් අරගලය ලෝකෙටම ආදර්ශයක්. ගත්තු වන්දි දෙගුණ තෙගුණ කරලා ආපහු ගන්න ඕනෙ – ඇමති නලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2022 මැයි 09 වනදා ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ ගිනිබත් කෙරුණු නිවාස සඳහා එවකට පැවති ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ලබාගත් වන්දි මුදල්වලට එරෙහිව නඩු පවරා එදා ගත් මුදල මෙන් දෙගුණයක්, තෙගුණයක් ඔවුන්ගෙන් ආපසු අයකර ගතයුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“විශේෂයෙන්ම අපි දන්නවා ඒ දවසේ උදේ එයාලා අරලියගහ මන්දිරයට ඇවිල්ලා ත්‍රාඩ වැඩේ නොකරන්න එදා හවසක් නිර්මාණය වෙන්නෙ නෑ. මේක ඉතාම calm and quiet අරගලයක්. ලෝකෙට ආදර්ශයක්. එහෙම දීපු තැනකට ඇවිල්ලා තමයි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙන්නෙකුත් එක්ක පහර එල්ල කරන්නෙ සනත් නිශාන්තලා. කෙහෙළිය තමයි මං හිතන්නෙ කෝටි 09ක විතර දැවැන්තම අලාභයක් අරන් තියෙන්නෙ. ඔවුන් කරපු අපරාධයක් හින්දා තමයි ඔවුන්ට ඒක වුණේ කියන එක තමයි අවධාරණය කරන්න ඕනෙ. මේ සියලුම වන්දි යම් මතු දිනයක හරියට නඩුවක් අහලා ඕවා නැවත දෙගුණ තෙගුණ කරලා ඔය කියපු කට්ටියගෙන්ම යළි ගන්න ඕනෙ”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 08) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...

ගාසා තීරයේ ආධාර පතා ගිය වැසියන්ට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : ගාසා තීරයේ ආධාර...

ව්‍රායි වැඩ අරඹයි!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනි ලෙස...