චින්න චින්න ආසෛ – 39: කොපි වෙනුවට ඔරිජිනල් ඉල්ලන වෙලාවක; ගජමෑන් !

Date:

සතුට පත්තරයේ ගජමෑන් ඉපදුණේ මේ ලියුම්කරු ඉපදෙන්නත් කලින්. ගජමෑන් සතුටෙන් සිත්තරට ඇවිත් සිත්තරෙන් සත්සිරි දක්වා ගිය ගමනේ සෑහෙන කොටසක් දුටුව සාක්ෂිකාරයනුත් ලියුම්කරුගේ පරම්පරාව තමයි. 

ඊට අමතරව, ගජමෑන්, විවධ උත්සව කාලවලදී වෙනම විශේෂ පත්තරයක් හැටියටත් පාඨක දෝතට ඇවිත්, වෙනම රහක් දීලා ගියා. සෙල්ලං සේන, දොං සේතං, පද්මාවතී, ටික්කා, සිරිබිරිස්… මේ හැමෝම ගජමෑන් නිර්මාතෘ කැමිලස් මහත්තයගෙ තෙළිතුඩෙන් උපන්නේ. 

ඒ ද්විමානයෙන් මුද්‍රිත ගජමෑන්, කඩදාසියෙන් සිනමා තිරයට එන්නේ ත්‍රිමාණ සජීවකරණයෙන් පණ ලබලා. ඒක වෙනම අද්දැකීමක්. කැමිලස්ගේ ගජමෑන් ත්‍රිමාණ සිනමා අද්දැකීම එලෙසින්ම ඔබට විඳගන්න පුළුවන් වෙන්නෙ සිනමා ශාලාවකදී විතරයි. 

ලියුම්කරු සමග ගාමින්ද කළ – නුදුරේදී නිකුත්වන්නට නියමිත Ktube සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කියනව, කෙරෙන්නෑ කියල හිතපු ත්‍රිමාණ ගජමෑන්, ඇත්තක් බවට පත් කරන්න චානකලා මහන්සි වෙච්ච තරම.

ඒක අලුත් පරම්පරාවේ මහන්සිය.  ඒ මහන්සියට අපි හිස නමන්න ඕන. ගජමෑන් පළමු ත්‍රිමාණ සිනමා පියවර තියනකොට, මේ ලියුම්කරු වගේ පැරණි පාසැලේ චිත්‍රකතා ලෝලීන් හීන දකිනවා, බැට්මෑන්ලාට නොදෙවෙනි යුනිකෝ වගේ වීර චරිත ත්‍රිමාණ සිනමාවට එන විදිහ ගැන.

හෝල් එකට ගිහිල්ලා විසිල් පාරවල් මැද බයිස්කෝප් එකක් බලන එකේ සොමිය, මගහරින්න එපා. ඒ ගජමෑන්ට අහුවෙච්ච, මේ ගජමෑන්ට මිස් වෙච්ච දේවල් ලියුම්කරු දකිනවා. ඒත් ඒ දැක්ම විනෝදයට බාධාවක් නෙමේ. විනෝද සංස්කෘතිය, ජීවිතය අත්නොහරින්න කොන්දේසි විරහිතව උදව් කරන බවයි ලියුම්කරුගේ හැඟීම.!

විමල් කැටිපෙආරච්චි 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...