ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ සහාය

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා රාමුව සඳහා ඉන්දියානු රජයේ ප්‍රදානයන් ලබාගැනීමට අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

“අතිගරු ජනාධිපතිතුමා තාක්ෂණ කටයුතු අමාත්‍යවරයා විදියට ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම පිණිස ඉන්දියානු රජයෙන් ලැබෙන ප්‍රදානයක් ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු පිණිස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ ජෛවමිතික දත්ත මත පදනම්ව පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීමේ උපකරණයක් සහ සයිබර් අවකාශය තුළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය නියෝජනය කළහැකි ඩිජිටල් මෙවලමක් සම්බන්ධ කිරීම මගින් ඩිජිටල් සහ භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාව සහතික කිරීමේ හඳුනාගැනීමක් සඳහා වන ඩිජිටල් අනන්‍යතා අවබෝධතා ගිවිසුම. විශේෂයෙන්ම 21 වැනි සියවසේදී රටවල් බහුතරයක මෙවැනි ඩිජිටල් ක්‍රමවේදයන් මගින් විවිධ කටයුතුවල කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා.

ඒ නිසා මේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වශයෙන් ශ්‍රී ලංකාවත් ඩිජිටල්කරණයට ලක්කිරීම සහ ඒ අදාළ කටයුතු ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ජනාධිපතිතුමා විශේෂ උත්සාහයක් ගන්නවා. එහි ඉදිරි පියවරක් හැටියට අතිගරු ජනාධිපතිතුමා සහ ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා අතර 2019 දෙසැම්බර් මාසයේදී හමුවීමෙන් පසුව ඉන්දියානු රජය මගින් මේ සඳහා අවශ්‍ය ප්‍රදානයන් ලබාදීමට එකඟතාව පළකරලා තියෙනවා. ඒ එකඟතාවන් ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබෙනවා”

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...