කොවිඩ්වලට එරෙහිව පාපන්දුවෙන් ගෝලයක්

Date:

ක්‍රියාත්මක නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ දී කොවිඩ්වලින් වැළකීම සඳහා සමාජය දැනුවත් කරන වැඩ සටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.ඒ තරගයට පෙර උපදේශන පූවරු ප්‍රදර්ශනය කරමින්.

අත් දෝවනය,මුඛ ආවරණ පැළදීම මෙන්ම තුන්වන මාත්‍රාව එන්නත් කිරීමට සමාජය දැනුවත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් බැනර් ප්‍රදර්ශනයක් සිදු කිරීම ඒ අනුව සෑම තරගයකදීම සිදුවීමට නියමිත වෙනවා.

තරග විනිසුරුවරුන්,තරග කොමසාරිස්වරු සහ තරගයට සහභාගිවන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරින් මෙන්ම තරග වදින කණ්ඩායම් දෙකද මෙම ප්‍රචාරන බැනර් ප්‍රදර්ශනයට එක් වෙනවා.

මෙහි දැක්වෙන ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත් අතර පැවති තරගයේදී කණ්ඩායම් සහ තරග විනිසුරුවරුන් එම ප්‍රචාරන බැනර් ප්‍රදර්ශනයට එක් වූ අයුරුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...