වගා හානි වූවන්ට වන්දි

Date:

2020 – 2021 මහ කන්නයේ වගා හානි සඳහා ව්ගා හානි වූ ගොවීන් 40,000 ක පිරිසකට රුපියල් කෝටි 128 ක මුදලක් බෙදාදීමට නියමිතයි.

නැගෙනහිර පළාත තුළ වන්දි ගෙවීම් 2022.02.08 දින ආරම්භ විය. ඒ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

වී, බඩඉරිගු ,සෝයා, අමුමිරිස් ,ලොකු ලුණු ,අර්තාපල් යන භෝග වර්ග හය සඳහා ස්වභාවික හේතුන් ගෙන් සහ වන අලි විසින් විනාශ කිරීමෙන් සිදුවන හානි වෙනුවෙන් රක්ෂණ වාරිකයක් අයකිරීමකින් තොරව වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කර ඇත.

මෙහිදී වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර 5කට ද, අනෙක් බෝග වර්ග සඳහා අක්කර 2 1/2 ක් සඳහා ද වන්දි ගෙවීම් සිදු කෙරේ.
ගොවි මහතුන් වගා හානියක් සිදු වූ විට එය ගොවි ජන සේවා සංවර්ධන මධ්‍යස්ථානයක් වෙත වාර්තා කිරීමෙන් පසු ගොවි සංවිධානයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවෙන් වගා හානිය තක්සේරු කොට වන්දි ගණනය කොට ගෙවීම් ක්‍රියාත්මක කරයි.

වගා හානි වන්දි ගෙවීම 2022.01.08 දින නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරුණු අතර මේ වන විට දිවයිනේ විශාල වශයෙන් වගා හානි සිදු ගොවීන්ගේ වන්දි ඔවුන්ගේ ගිණුම් වලට බැර කර ඇත.

මේ සතිය අවසන් වනවිට මහ කන්නයේ සියලු වන්දි ගෙවීම් සම්පූර්ණ කිරීමට අපේක්ෂිතයි .රුපියල් කෝටි 128 ක වන්දි මුදල් බෙදී යන ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ මඩකළපුව , ත්‍රිකුණාමලය , අනුරාධපුරය , මොණරාගල , අම්පාර , යාපනය ,පොලොන්නරුව , බදුල්ල ,කුරුණෑගල ,මන්නාරම , මුලතිව්, කිලිනොච්චියයි.
අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා රුපියල් මිලියන 120 ක් වෙන්කර තිබේ

රුපියල් 50/= ට තිබූ වී කිලෝ1 දැන් රුපියල් 90;= ක් වී ඇත. අස්වැන්න සඳහාද වෙනම මුදලක් ලැබේ නම් පසුගිය යල කන්නයට වඩා මහ කන්නයේ ගොවියාට උපරිම මුදලක් ලැබෙනු ඇත.

රජය සුබ වාදී තීන්දු ගනිද්දී ගොවීන් ද තම වගාවන් කිසිදු බියකින් තොරව තම ගොවි බිම් හැකි උපරිම අයුරින් වගා කල යුතුය .

ගොවියාගේ හිත මිතුරා සෑම විටම රජයයි. එවිට රටම සරුසාර කෙම්බිමක් වනු ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...