*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ටයි එකක් දාගත්ත පලියට වෘත්තිකයෝ වෙන්නේ නැහැ – වෛද්‍ය බෙල්ලනට විනය පරීක්ෂණ ඉල්ලූ කුමුදේශ්ට ලැබුණු පිළිතුර (VIDEO)

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය දැඩිව විවේචනය කරමින් තිබෙන අතර එම සංසදය අවධාරණය කරමින් සිටින්නේ තවදුරටත් දේශපාලන වෘත්තීය සමිති අරගල වෙනුවෙන් රෝගී ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය කාලය පුරාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විටින් විට මතුවන වැඩවර්ජන දැඩිව හෙළාදකිමින් කතා කරන අතර ඊයේ දිනයේදී රවී කුමුදේශ් මහතා පවසා තිබුණේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඔහු සිය නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පටලවාගෙන ඇති බවයි කුමුදේශ් මහතා චෝදනා කර සිටියේ.

”මම කොහේ හිටියත් ඉන්නේ රෝගියාගේ පැත්තේ. රෝගියනේ මේ සේවය නඩත්තු කරන්නේ. ජනතාවගේ සල්ලිවලින් මිසක් කුමුදේශ්ගේ සල්ලිවලින් නෙවෙයිනේ රෝහල් හැදිලා තියෙන්නේ. මම ඉන්න නිල කාමරයේ මේසය,පෑන,පුටුව වගේ දේවල් පවා අරන් දීලා තියෙන්නේ රවී කුමුදේශ්වත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවත් නෙවෙයි. මේ රටේ මහජනතාව. එතකොට මම පෙනී හිටින්නේ කවුරු වෙනුවෙන්ද,මහජනතාව වෙනුවෙන්. මට මහජනතාව වෙනුවෙන් පෙනී හිටින්න තැනක් ඕනේ නැහැ. පාරෙත් කරනවා. ගෙදරත් කරනවා.රෝහලේත් කරනවා. මට විනය පරීක්ෂණයක් තියෙනවා නම් ඒක තියන්න ඕනේ සෞඛ්‍ය ලේකම්තුමානේ. සෞඛ්‍ය ලේකම්තුමා මට විරුද්ධව විනය පරීක්ෂණයක් තියෙනවා කියන්නේ ඔහුත් වෘත්තීය සමිතිකාරයෙක් බවට පත්වෙලා මහජනතාවට එරෙහිවීමක් වෙන්නේ. මම හිතනවා රවී කුමුදේශ්ලා පටලවා ගෙන තිබෙන දෙයක් තමයි තමන්ට කන්න බොන්න දෙන මහජනතාවයි තමන්ගේ වෘත්තීය කුහකත්වයයි. එකා පොඩ්ඩක් හදාගත්තා නම් වෘත්තීය සමිති අරගලත් ජයග්‍රහණය කිරීමේ ඥානය පහළ වෙයි කියල මම හිතනවා.”යනුවෙන් බෙල්ලන මහතා ප්‍රතිචාර දක්වා තිබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan