අත්බෝම්බ සිද්ධියේ සැකකාර දේවස්ථාන සේවකයා මුදාහරී !

0
296

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිදුවීමට අදාලව රැඳවුම් භාරයේ සිට සැකකරුවෙකු මුදාහැර තිබෙනවා. මෙසේ මුදාහැර තිබෙන්නේ අදාල දේවස්ථානයේ සේවකයෙකු වන මුනි නමැත්තෙකි.

මෙම සිදුවීමට අදාලව ගොනුකර ඇති නඩුවේ 07 වැනි සැකකරු ලෙස මෙම පුද්ගලයා නම්කර ඇති අතර ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු තවදුරටත් රැඳවුම් භාරයේ රඳවා තබා ගැනීමට තරම් ප්‍රමාණවත් චෝදනා නොමැති බවයි.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය, සැකකරු මුදාහැරීමට නියම කළේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here