වගා හානි සඳහා තවත් කොන්දේසියක් – අක්කර 05 ට වැඩි නම් වන්දි නෑ !

Date:

කාබනික පොහොර යොදා ගොවිතැන් සිදු කරන ගොවීන්ගේ වගා හානි සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාබනික‌ පොහොර හේතුවෙන් සිදුවන වගා හානි සඳහා පමණක් නොව වනඅලි හානි කිරීම් සහ වෙනත් ස්වභාවික හේතූන් මත සිදුවන වගා හානි සඳහාද වන්දි පිරිනැමේ.

නැගෙනහිර පළාතේ ගොවීන් සඳහා වන්දි ලබාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ යල කන්නයේ වගා හානි සඳහා වන්දි ලබාදීමේ කටයුතු මහ කන්නය වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බවයි. මින් ඉදිරියට කිසිදු හේතුවක් මත වන්දි ලබාදීම ප්‍රමාද නොකරන බවද ඇමතිවරයා පවසනවා.

වී වගාවට අමතරව බඩඉරිඟු, සෝයා, අමුමිරිස්, ලොකුලූණු සහ අර්තාපල් ගොවීන්ටද වන්දි ලබාදීම සිදුකෙර්. කෙසේ නමුත් වී ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ අක්කර 05 ක උපරිමයකට යටත්වය. අනෙක් බෝග වර්ග සඳහා උපරිමය අක්කර දෙක හමාරක් වේ.

මෙහිදී වන්දි ගෙවීමේ ක්‍රියාවලිය වන්නේ ගොවි මහතුන් විසින් වගා හානියක් සිදු වූ විට එම හානිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයක් වෙත වාර්තා කිරීමෙන් පසු ගොවි සංවිධානයේ නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවෙන් වගා හානිය තක්සේරු කොට වන්දි ගණනය කර ගෙවීම් කිරීමයි.

මේ වන විට දිවයිනේ විශාල වශයෙන් හානි සිදුවූ ප්‍රමුඛතම දිස්ත්‍රික්ක සඳහා වන්දි ගොවීන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර, මෙම සතිය අවසන් වන විට 2020/21 මහ කන්නයේ සියලු වන්දි ගෙවීම් සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

දැනට ගණන් බලා ඇති ආකාරයට 2020/21 මහ කන්නයේදී රුපියල් කෝටි 128ක් ක ප්‍රදානයක් ගොවීන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් අතර බෙදා දී ඇත.

ඒ අනුව පූර්ණ හානි සිදුවූ විට ගොවීන්ට අක්කරයකට රු.40,000/= වන්දි මුදලකුත්, ඊට සමානුපාතිකව හානියේ ප්‍රමාණය අනුව වන්දි ගණනයකොට ගෙවිමකුත් සිදු වේ. ඊයේ (08) නිදහස් කරන වන්දි මුදල්වල රු.180,000/= වන්දි මුදල් හිමි ගොවීන්ගේ සිට හානිය සමානුපාතිකව වන්දි හිමිකම් නිරාවරණය කරනු ලැබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...