*
Wednesday, November 6, 2024
spot_img

Latest Posts

කලෙකට පසුව අද චාමික එක්දින පිටියට..?

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 09 කොළඹ (LNW): සිම්බාබ්වේ සංචාරයේ දී ක්‍රීඩා කළ දසුන් ශානක එක්දින සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ඊට සමාන දක්ෂතා ඇති චාමික කරුණාරත්න යළි එක්දින සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.ඒ අනුව අද ඇෆ්ගනිස්තානය සමඟ පැවත්වෙන පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කාලයකට පසුව චාමික කරුණාරත්ක ක්‍රීඩා කිරීමට විශාල වශයෙන් ඉඩ තිබෙනවා.


ශ්‍රී ලංකාවට ජයග්‍රාහී මතක සටහන් විශාල ප්‍රමාණයක් ඇති ක්‍රීඩාංගණයක් හැටියට සැළකෙන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර් 50 රැදී සිට ලකුණු ලබා ගැනීම වැදගත් වෙනවා.ශ්‍රී ලංකා නායක කුසල් මෙණ්ඩිස් මාධ්‍යය අමතද්දී පළ කරන අදහස් නිසා කණ්ඩායම තරගයට පෙරම සමාජයේ යම් පීඩනයකට හසුවීම ස්වභාවය වී තිබෙන බවත් පෙනෙනවා.මේ තත්ත්වය ඉදිරියේදි කණ්ඩායම් කළමණාකාරීත්වය අවධානය යොමු කළ යුතු කරුණක් වන අතර ඔහු පවසන දේ ට වඩා පවසන ස්වභාවය වෙනස් කිරීමේ උවමනාවක් පවතින බව පෙනී යනවා.


මේ මොහොත වන විට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩකයාට බලපෑමක් ඇති විය හැකි කේෂ්ත්‍ර පුළුල් වී තිබෙන බවත්,එහිදී ක්‍රීඩකයා බුද්ධිමත්වීම ද එම තත්ත්වයට සාපේක්ෂව ඉහළ යා යුතුව පවතින බව ද අප විශ්වාස කරන අතර මේ තත්ත්වය පිළිබඳව අනවබෝධය නිසා කුසල් බොහෝ වෙලාවට සිය වචන හරහා කණ්ඩායමට ද,තමන්ට ද පීඩනය කැඳවා ගෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.


කෙසේ වුවත් අද වන විට කුසල් පවසනාකාරයෙන් නිරන්තරයෙන් ජාත්‍යන්තර පිටියේ එක්දින රටාවට සහ විස්සයි විස්ස රටාවට අනුව හැසිරීමට ලැබෙන අවස්ථා හා සංසන්දනය කරන විට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිටින්නේ බොහෝ ඉදිරියෙන් බව අමතක නොකළ යුතුයි.ඒ නිසා තරගයේ සෑම මොහොතක්ම දැඩි අවධානයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිඳුවන අතර කණ්ඩායම් දෙක අතර දක්ෂතාවල පරතරයට වඩා ඇත්තේ ඓතිහාසික වටිනාකම්වල පරතරය වන අතර ශ්‍රී ලංකාවට දැඩි පරිශ්‍රමයකින් එම ඓතිහාසික වටිනාකම රැක ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිඳු වෙනවා.


කෙසේ නමුත් සිම්බාබ්වේ එක්දින සංචිතයේ දකින්නට නොලැබුණු පැතුම් නිශ්ශංක ලකුණු අතර සිටින මොහොතක නැවත කණ්ඩායමට පිවිස තිබීම මෙන්ම මුළු තරගාවලියට ක්‍රීඩා කරන්නට නොලැබුණු වනිඳු හසරංග තරගාවලියම ක්‍රීඩා කිරීමට නියමිතව සිටීම අද ඇරඹෙන තරගායලියේදී වැදගත් තැනක් ගන්නවා.බොහෝ විට ශ්‍රී ලංකාව සතුව සිටින මෑත කාලයේ ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයකට ලක්ව සිටින තරුණ මදවේග පන්දු යවන්නා වන ඩිලාන් මධුශංක මෙන්ම අත්දැකීම් සහිත වේග පන්දු යවන්නා වන දුශ්මන්ත චමීරත් මේ තරගයේදී ආරම්භක පන්දු යවන්නන් වශයෙන් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.එසේම පන්දු යැවීමේ දී මෑත කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක සාධකය බවට පත් වී සිටින වනිඳු හසරංග මත මෙන්ම මහේෂ් තීක්ෂණ මත පැවරෙන වගකීම විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ තරග ජයග්‍රහණය කෙරෙහි හෝ පරාජය කෙරෙහි බලපාන සාධකයක් වෙනු ඇත.


කණ්ඩායම් සංචිතය

  1. කුසල් මෙන්ඩිස් (නායක)
  2. චරිත් අසලංක (උප නායක)
  3. පැතුම් නිස්සංක
  4. අවිශ්ක ප්‍රනාන්දු
  5. සදීර සමරවික්‍රම
  6. ජනිත් ලියනගේ
  7. වනිඳු හසරංග
  8. මහීෂ් තීක්ෂණ
  9. දුෂ්මන්ත චමීර
  10. දිල්ශාන් මදුශංක
  11. ප්‍රමෝද් මදුශාන්
  12. සහන් ආරච්චිගේ
  13. අකිල ධනංජය
  14. දුනිත් වෙල්ලාලගේ
  15. චාමික කරුණාරන්ත
  16. ශෙවෝන් ඩැනියෙල්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan