හොරෙන් ගෙන්වූ ජංගම දුරකථන STF දැලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ මෙහෙයුමකදීයි, තීරුබදු නොගෙවා හොර රහසේ ගෙන්වූ ජංගම දුරකතන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටිය පොලිස්වසමේ විහාර මාවතේ සිදුකළ මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ  ජංගම දුරකතන උපාංග සහ ඔරලෝසු සන්තකයේ තබාගෙන සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 31ක් වයසැති අබ්දූල් හමීඩ් නමැති මෙම පුද්ගලයා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, වැඩිදුර විමර්ශන සඳහා කොළඹ වරායේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී තිබෙන බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...