මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ අසූවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): රජය සහ සණස සමිතිය එක්ව ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිණි,

තෝරාගත් සණස සමිති 1250 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇති බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය , කෘෂිකර්ම හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙන්ම සණස ව්‍යාපාරය හා එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇති බව පවසේ.

ගමේ බිත්තර නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ද මේ තුළින් ශක්තිමත් කිරීමට හැකි බව සාකච්ඡෘවට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටී.

නව ව්‍යාපෘථිය තුළින් බිත්තරයක් රුපියල් 35 ක් වැනි මුදලකට නිෂ්පාදනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය

මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ අසූවක් පමණ වන බවද පැව්සේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...