*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

හැම අතටම වැනෙන තැනට වැටුණු රගර්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 09 කොළඹ (LNW): මිට දින කිහිපයකට පෙර අප ශ්‍රී ලංකා රග්බි වැඩ බලන සභාපතිගේ දියාරු තීරණ ගැනීම ගැන සටහන් කළ අතර ඔහු මේ වන විට ඔහුගේ ශබ්දා භාෂාවේ තිබෙන “කාටත් ස්ර්” ආමන්ත්‍රණයේම කුමන හෝ ස්ර් කෙනෙකුගේ හෝ ස්ර්ලා කිහිප දෙනෙකුගේ අත් අඩංගුවේ පසුවන බවට සැක සංකා මතුවෙමින් තිබේ.අප පළමු සටහන ඉදිරිපත් කරන විට පෙබරවාරි 01 වන දා හසන් සිංහවංශව ඉවත් කිරීම වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දී ඇති ලිපිය විධායක සභාවෙන් සඟවාගෙන සිටීමට හේතුව වී ඇත්තේ එම ඉවත් කිරීමට අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා රගර් හිටපු සභාපතිවරයෙක් වන ලසිත ගුණරත්න වීම නිසා බවට සැක මතුවෙමින් තිබේ.


මේ වන විට ඔහු වැඩ පලන සභාපතිකම් දරණ පාලනය, මීට වසර ගණනකට පෙර පත් වූ දා සිට විවිධ ආකාරයෙන් බාධා කළ ලසිත ගුණරත්නලා වැනි චරිත සිය ක්‍රීඩා සමාජවල ආධිපත්‍යය යොදා ගිල ගන්නට හදන රගර් බලය වෙනුවෙන් පෙනී සිටිමට සූදානම් බව හැඟවෙන ඉඟි පළ කරන වත්මන් වැඩ බලන සභාපතිවරයා, ලසිත මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කළ බව දැන ගතහොත්,එය තමන්ව රගර් පරිපාලක කණ්ඩායම ඉදිරියේ අප්‍රසාදයට පත්විය හැකි හේතුවක් වෙන බැවින් හසන්ගේ ඉවත්වීම නොදන්නවා සිටින්නට තීරණය කළා විය යුතු බවට රගර් කේෂ්ත්‍රයේම බොහෝ පිරිස් මේ වන විට අදහස් පළ කරමින් සිටිති.
මේ දඩුවම ක්‍රියාත්මකවීම යම් කිසි ආකාරයකට පරණ සිදුවීම් පිළිබඳව පරීක්ෂණ පැවරීමට ඇති හැකියාව ගැන ද ඉඟියක් පළ කරන එකක් බැවින් මීට පෙර සිදු වූ දැවන්ත වැරදිවලදි තමන්ට ද යම් අගතියක් වේය යන බය වැඩ බලන සභාපතිවරයාට ඇතිව තිබීම ඊට හේතුව විය හැකි බව රගර් කේෂ්‍රතයේ අදහසය.


“නාමල් නායකයා කාළේ,අසංගගෙ සභාපතිත්වයෙන් විදේශීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවෙ ක්‍රීඩකයො හැටියට ක්‍රීඩා කරවීම දරුණුම වරදක්.ඒ කාළෙත් ලේකම් හිටියෙ වැඩ බලන සභාපතිම තමයි.ලේකම් හිටියෙ ඇත්තටම හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස්.ඔහු අසංගගෙ ක්‍රියා කළාප නිසා ලෙකම් කමෙන් ඉවත් වුණාම නලීන් තමයි ලේකම් වුණේ.ඔහු කළේ තමන්ගෙ තනතුර රැක ගැනීමේ ආශාවෙන් ඕනි දෙයක් අසංගලට නාමල්ලට කරන්න දීපු එක”


දීර්ඝ කාලයක් රගර් සමඟ සිටින අයෙක්, වැඩ බලන සභාපතිවරයාගේ ස්වභාවය ගැන සඳහන් කරමින් පැවසීය.වත්මන් ක්‍රීඩා ඇමතිවරයා වැරදි කළ පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් නැති බවක් පෙනෙන්නට ඇති නිසා වැඩ බලන සභාපතිවරයා පරණ සිඳුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වුවහොත් තමන්ට ද තහනමක් පැනවෙනු ඇතැයි යන සැකයෙන් පසුවන බව ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
හිටපු සභාපතිවරයා ඉවත්වීමේ දී ශ්‍රී ලංකා රගර් පරිපාලන ඒකකයක් ලෙස විශාල සටනක සිටි අතර නීිතිමය වශයෙන් දැවන්ත චරිත අභිමුව සෘජුව සිටිමින් ආසියාවට පවා අභියෝග කරන තත්ත්වයක සිටියේය.එහිදී සිඳු වූ වැරදි බලපෑම්වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් එරෙහි වූ හිටපු සභාපතිවරයාගේ නිර්දෝශිභාවය සහ එඩිතරභාවයට සාධාරණය ඉටු කර ගැනීම සඳහා සටන් කර ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ දියුණුවට බලපෑම් කළ පුද්ගලයින් හෙළිදරව් කිරීම වැඩබලන සභාපතිවරයා මෙන්ම ඉවත් කළ හසන් සිංහවංශ ද සිය වගකීම හැටියට භාර ගත්ත ද,දෙදෙනාම ඉවත්ව ගිය සභාපතිවරයා අමතක කර ශ්‍රී ලංකාවේ සිට ආසියානු සභාපති දක්වාම විරුද්ධ පාර්ශව ෂේප් කර ගැනීමේ ක්‍රියාවන්ට මුල් තැන දුන්නේය..ඒ තමන්ගේ පැවත්ම සහ තනතුරු රැක ගැනීම වෙනුවෙන්ය.


ඒ න්‍යාය පත්‍රයට අයත්වී තිබුණු ප්‍රාදේශිය පරිපාලන ඒකකවල ඡන්ද බලය අඩපණ කිරීමේ ව්‍යාපෘතියේ විශාල කාර්යභාරයක් ද මෙහෙයවමින් සිටින ලසිත ගුණරත්නම හසන්ගේ පෙත්සම ඉදිරිපත් කර තිබීම නිසා ඔහු දැන් දෙලොවක් අතර නතරව ඇත.ක්‍රීඩා සමාජ හැටියට තිබෙන ප්‍රධාන ක්‍රීඩා සමාජ බොහොමයක් ව්‍යාපාරික මට්ටමෙන් සාර්ථක කර ගත හැකි ක්‍රමවේද සහිත ඒවාය.ඒවා යම් කිසි ආකාරයක නඩත්තු කළ නොහැකිනම් ක්‍රීඩාවේ පරිපාලනයට මෙන්ම ආර්ථික කළමණාකරණයටත්,එය වානිජමය වශයෙන් දියුණු කළ හැකි අයෙකුව බලයට ගෙනෙමින් ද නව දියුණුවක් අපේක්ෂා කළ හැකිය.ඒ ආකාරයෙන් බලන විට ප්‍රාදේශිය කමිටු බොහෝ විට කැපවිමෙන් සිය වත්කම් රගර් වෙනුවෙන් දිය කර හරිමින්,සමහර විට ප්‍රධාන ක්‍රීඩා සමාජවලට යොමුවන අලුත් ක්‍රීඩකයන් පැල ලෙස සුරක්ෂිත කිරීමේ වගකීම ද ඉටු කරති.ඒ නිසා ප්‍රාදේශිය පරිපාලනයට ඇති ඡන්ද බලය ද අහෝසි කිරිම වෙනුවට ඔවුන්ට තව දුරටත් රගර් ව්‍යාප්තිය වෙනුවෙන් සම්පත් ප්‍රදානයට ඉඩක් සකසා ගැනීම වැදගත් වුවත්,රගර් සඳහා බලපෑම් ඇති කරන බලවතුන්ගේ බල ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය වශයෙන් ක්‍රීඩාවට කැපවෙන අයව දිනා ගැනීම අපහසු බැවින් ඔවුන්ගේ නියෝජනය පහත දැමීමට ඇතැම් අයට ඕනැ කර තිබෙන්නේය.විශේශයෙන් නැවත රගර් ජාත්‍යන්තර දඩ මුදල්වලට යටත් කළ,එසේත් නැත්නම් රගර් ලෝකයට ණය කළ මිනිසුන්ට නැවත පුටුවලට සහ වගකීම්වලට පත්වීමට ඇති බාධකය වන ප්‍රාදේශිය පරිපාලන අඩපණ කිරීම මේ වෙනස්කම් කිරීමේ උවමනාවය.


“හසන්ට හම්බවෙච්චි තීන්දුවෙ තියෙනවා පොඩි ධනාත්මක භාවයක්.හැබැයි හසන්ව රඳවා ගැනීම සඳහා විධායක කමිටුවට කතා කරලා ඉල්ලීමක් කරන්න තිබුණ අවස්ථාව හෝ වැඩපලන සභාපතිවරයා යොදා ගත්තෙ නැහැ.ඔහු සහ හසන් තමන්ට පැවරුණු වගකීම හරියට කළෙත් නැහැ.අන්තිමට ඒ දෙන්නා දෙන්නට දෙන්නා හරියට පෙනී හිටියෙත් නැහැ.”
අප සමඟ සම්බන්ධ වන රගර් ඉතිහාසය ගැන සහ මෑතකාලීනව වූ සිදුවීම් ගැන හොඳ අවබෝධයක් ඇති අයෙක් එකින් එක කරුණු පැහැදිළි කරමින් පෙන්වා දෙයි.


අපි දැන් බලන්න ඕනි අමාත්‍යංශයේ විශේෂ ඒකකයට පැමිණිලි කරලා පරණ දේවල් හොයන්න.දඩ ගෙවන්න වෙච්චි අවස්ථාවේ අපට ගහපු පවුම් 50000 ඊට වගකිව යුතු අයගෙන් අය කරගන්න ඕනි.ඒ වගෙ අයට ආයෙ පැත්තෙ පස් පාගන්න බැරිවෙන තීන්දුවක් ගන්න ඕනි.ඒ වගේම මේක ණය කරලා ගිය අය මොනවට වියදම් කරලාද ණය කරලා තියෙන්නෙ,දේශපාලකයො ගෙන්වල එයාලව පිනවන්න වැඩ කරලද සල්ලි නාස්ති කරලා තියෙන්නෙ කියලා හොයලා ඒවත් අය කර ගන්න ඕනි.දැන් ආපහු රගර්වලට පරණ තත්ත්වය උධාවෙලා ණය බර වැඩිවෙන්න පුළුවන් තත්ත්වයකට හැරෙමින් ඉන්නවා.අනුග්‍රාහ මුදල්වත් හරියට කළමණාකරනය වෙන්නෙ නැහැ.අඩුම ගාණෙ ජාත්‍යන්තරයෙන් එන්න තියෙන මුදල් තොරතුරු දන්වල ගන්න තේරෙන්නෙත් නැද්ද කොහොද?”


ඉතිහාසයේ සිට ඇති වුණු තත්ත්වයන්ට දඬුවම් කරනවා වගේම වර්ථමානයේ ඉන්න අයත් ප්‍රාදේශීය පරිපාලනවලට ගල් පෙරලනවනම් ඒ අයට තිබිච්ච ජුන්ටාවන් එලවල බලය අරං දීලා රටට වංචාවෙන් තොර රගර් පරිපාලනයක් අරං දෙන්න මහන්සි වූ පිරිස් හැටියට ලබන ඉරිදාම පවතින පරිපාලනයේ හැසිරීම දිහා බලා ඉක්මන් තීරණයකට රට පුරා සිටින රගර් ප්‍රේමීන් එකතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.


ඒ වගෙම ශ්‍රී ලංකා රගර් හී වගකීම් දරන්න බැරිබවට තීරණය කරපු පුද්ගලයෙක් මේ වන විට විශාල තරගාවලියක් සංවිධානය කරනවා.මේ සම්බන්ධයෙන් තියෙන රගර් වගකීම මොකද්ද? ඒකට ශ්‍රී ලංකා රගර් ආශිර්වාදය හිමිවෙලා තියෙනවද?ශ්‍රී ලංකා රගර් ඒ තරගාවලිය සම්බන්ධයෙන් වග කියන්න ඕනි නැද්ද? ඒකෙන් ශ්‍රී ලංකා රගර්වලට ලැබෙන්නෙ මොනවද? අපි කියන්නෙ ඒකයි,අර සෘජුබව මේ වන විට ශ්‍රී ලංකා රගර් වෙතින් ගිලිහී ගිහිං. එක එක අය ඒ ඒ අයට ඕනි විදහට රගර් හසුරුවනවා.බැඩ බලන ස්ර් ඒ හැමෝටම ස්ර් කිය කිය ඉන්නවා”
මේ වන විට ශ්‍රී ලංකා රගර් හී හැසිරීමේ වගකීම් රහිත හැසිරීම පැහැදිළි කරමින් ඔව්හූ පෙන්වා දෙති.
“වැඩක් කරපු හමුදා නිලධාරියෙක් තමයි.ඒත් තමන්ට මොනව හරි තනතුරුක් හම්බ වුණාම ඒක රැක ගන්න කියන කියන පැත්තට වැනෙන්නෙ මඩේ හිටවපු ඉන්නක් වගෙ.හොරුන්ට වංචාකාරයන්ට ඒකෙන් විශාල ඉඩක් හදාගන්න පුළුවන්.ඒ නිසා එහෙම දියාරු වුණාම වෙන අවැඩ හොරෙක්ගෙන් වංචාකාරයෙක්ගෙන් වෙනවටත් වඩා දරුණු වෙන්න පුළුවන්.මේ ඉරිදා සමහර වෙලාවට රගර්වලට ආදරේ අය ඉවසන අන්තිම දිනය වෙයි.”


ලංකාවේ රගර්වල සෘජුබව සහ නොසැලෙන බවත් සටන්කාමීත්වයත් ගැන මෑත ඉතිහාසයේ ලියපු ඇතැම් සාධණීය කරුණු ඒ පරිපාලනය වෙනස් නොවී පුද්ගලයෙක් පමණක් වෙනස් වූ සැණින් මේ ආකාරයට වැරදි ආකාරයේ පූර්වාදර්ශ සැපයීම හරහා අපට දනෙන්නේ මේ රටට අවශ්‍යය විශාලම හිඟය සෘජු සහ නිවැරදි තීරණ වෙනුවෙන් කැපවෙන පුද්ගලයන්ගේ හිඟකම බවය.අඩුම ගණනේ තමන් පෙනී සිටි කමිටුවක ප්‍රධානියා ලෙස කී තීරණය ද තමන්ට අමතක බව පෙන්වන පුද්ගලයෙක් නායකත්වයට නොව යොමු කළ යුත්තේ මානසික ප්‍රතිකාර සඳහා බව පවසන මතු වී ඇති තත්ත්වයට එරෙහි පිරිස් ඔහුම මාධ්‍යයටත් හේතු සහිතව ප්‍රකාශ කළ මහනුවර ක්‍රීඩා සමාජයට ක්ල්ෆර්ඩ් කුසලාන තහනම් වීම ඔහුම ඉවත් කරන්නට පෙනී සිටීම තුළින් පැහැදිළි වන්නේ මේ වන විටත් ඔහු කවුරුන් හෝ “ස්ර්” කෙනෙකුගේ රූකඩයක් වී ඇති බවය.


“මේ වගෙ විගඩම් එක්ක,නිවැරදි මූල්‍ය කළමණාකරනයක් නැතුව,අඩුම තරමේ රටින් එන්න තියෙන සල්ලි ටික ගන්න දන්නෙ නැති මිනිස්සු එක්ක රගර් වලපල්ලට යාම නවත්තන්න ඕනි.සම්පූර්ණ හරි මිනිස්සු නැහැ.හැබැයි වැරදියි කියලා දැණුනම නිවැරදි වෙන්න උත්සාහ කරනවා වෙනුවට තමන්ගේ පැවත්ම වෙනුවෙන් වැරද්ද රකින්න හදනවනම් අපට නිවැරදි කිරිම වෙනුවෙන් පෙනී සිටින්න වෙයි.තමන්ට වටින්නෙ ඉහළ මිනිස්සු කිහිප දෙනෙක්ද,රගර් කේෂ්ත්‍රය ඇතුළෙ තියෙන නියෝජනයේ බහුතරයේ පිළිගැනීම ද කියන තත්ත්වය තේරුම් ගන්න බුද්ධිමත්වීමේ ඉඩ අපි වැඩ බලන සභාපතිවරයාට දීලා තියෙනවා”


එසේම අවසාන වශයෙන් ඔවුන් පැවසුවේ “රගර් විනාශ වෙන්න දෙන්න බැහැ. සියල්ල කකුලෙන් අඳිද්දි රගර් ගමට අරගෙන යන හැටි,අලුත් අනුග්‍රාහකයො රගර් එක්ක එකතු වෙන හැටි අපි දැක්කා.ඒකට බලය දීලා තියෙන මිනිස්සු වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින්න ඕනි.කවුරු විරුද්ධ වුණත් රගර් විරුද්ධ වුණේ නැතුව ඒ නායකත්වය එක්ක හිටියා.කාගෙවත් තරාතිරම පුද්ගලික බලපුළුවන්කාරකම් අපිට අදාළ නැහැ. සභාපති, නියෝජ්‍ය සභාපති, උප සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික යන තනතුරුවල ඇති ඕනෑම පුරප්පාඩුවක් පුරවන්න පුළුවන් හැටි ව්‍යවස්ථාවේ තියෙනවා.ඒවා විශේෂ මහා සභාවකදි තීරණය කරලා මහා සභාවකදි අනුමත කරගන්න පුළුවන්” යනුවෙන්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan