මහනුවර, වත්මන් සූරයින්ට නිවසට පැමිණ පහර දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 10,(LNW)කොළඹ :

මාස්ටර් කාඩ් අනුග්‍රාහකත්වය ලබන ජාතික රග්බි ලීග් සූරතාවලියේ වත්මන් ලීග් සූරයන් වන සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට සිය නේවාසික ක්‍රීඩා පිටිය වූ ලොංඩන් පෙදෙසට පැමිණ ප්‍රහාරයක් එල්ල කරන්නට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි වුණා.ලකුණු 32 – 10 ක් ලෙස මහනුවර තරගය ජය ගැනිමට අමතරව ඉතා පහසුවෙන් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වීමේ ගෞරවය සුරක්ෂිත කර ගන්නටද සමත් වුණා.


මහනුවර කණ්ඩායම සිය ලකුණු ප්‍රමාණය සඳහා උත්සාහක දිණුම් 5 ක්,එහි සාර්ථක ප්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහරක් එක් කර ගන්නට සමත් වුණා.ධනුෂ්ක රංජන් සහ කවිඳු පෙරේරා උත්සාහක දිණුම් දෙක බැඟින් එක් කළ අතර දහන් වික්‍රමාරච්චි එක් උත්සාහක දිනුමක් වාර්තා කරනු ලැබුවා.උත්සාහක දිණුම් පහෙන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කර දෙමින් එක් දඩුවම් පහරකටද නොවරදින ඉලක්කය එකතු කරමින් මහනුවර ලකුණු පූවරුව ඉහළ දමන්නට තරින්ද රත්වත්තට හැකියාව ලැබුණා.


සීආර් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වුණ එකම උත්සාහක දිණුම වාර්තා කරන්නට අචිත රදීශාන් සමත් වුණා.එහි ප්‍රවර්තනය සහ එක් දඩුවම් පහරක් මඟින් සීආර් කණ්ඩායමට ලකුණු ලබා දෙන්නට සුබෙයිර් දොරේ සමත් වුණා.


ඒ කාණ්ඩයේ ස්පර්ශ්‍ය අලුතින් ලද ශ්‍රී ලයන්ස් සහ පොලිසිය අතර තරගයේ දී ශ්‍රී ලයන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පොලිස් කණ්ඩායම ජය වාර්තා කරා.ලකුණු තත්ත්වය දැක් වුණේ 28 – 10 ක් ලෙසයි.පළමු භාගයේදී ලකුණු 7 – 5 ක් ලෙස ශ්‍රී ලයන්ස් කණ්ඩායම හොඳ අභියෝගයක් පොලීසියට යොමු කළ ද,තරගයේ දෙවන භාගයේදී සිය බලපෑම වැඩි කළ පොලිස් කණ්ඩායම ඉහළ දස්කම් දැක් වූවා.
ගෙවුණු සතියේ විශාලම ජය වාර්තා කරන්නට සමත් වුනේ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමයි.ඔවුන් නාවික හමුදා කණ්ඩායම ලකුණු 69 – 24 ක් ලෙස පරාජයට පත් කරනු ලැබුවා.ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුද හමුදා හමුවෙන් ගුවන් හමුදාව ලකුණු 29 – 19 ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුණේ තව දුරටත් ගුවන් හමුදා කණ්ඩායමට මෙම තරගාවලියේ ලීග් කුසලානය වෙනුවෙන් සළකා බැලෙන මුල් කන්ඩායම් හතර අතර රැදීමේ භාග්‍යය උදා කරමින්.


මේ වන විට අපරාජිතව සිටින එකම කණ්ඩායම හැටියට මහනුවර කණ්ඩායම පෙරමුණ ගෙන සිටින අතර වත්මන් සූරයන් වන සීආර් කණ්ඩායම ගෙවුණු සතියේදී හැව්ලොක්ස් වෙතින් ද පරාජයවීම නිසා මේ වන විට සිටින්නේ ලකුණු සටහනේ තෙවන තැනය.මේ මොහොත වන විට සීආර් කණ්ඩායමට සිය සූරතාවය රැක ගැනීමට නොහැකි බවට බොහෝ ඉඟි පළ වී ඇති අතර ඉදිරියෙන් සිටින මහනුවර කණ්ඩායමට අභියෝගයක් එල්ල වීමේ වැඩි ඉඩ දැකිය හැක්කේ හැව්ලොක්ස් කණ්ඩායම වෙතින්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...